මෙහෙණින්වහන්සේ නමකට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (02) දින පුද්ගලයින් දෙදෙනෙකු වත්තල පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 58,67 වයස්වල පසුවන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (03) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙහෙණින්වහන්සේ නමකට බැන තර්ජනය කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වුණා.
මෙම බැන තර්ජනය කිරීම සිදුව ඇත්තේ ඊයේ (02)දින කෙරවලපිටිය ප්‍රදේශයේ රත්නාවලී ආරාමය අසලදීයි.


