නවක වදය හේතුවෙන් වව්නියාව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු මියගොස් ඇතැයි කියන සිදුවීම ගැන විමර්ශන ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා එම විමර්ශන ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසනවා.
මේ අතර අදාළ සිදුවීම සම්බන්යෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වව්නියාව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඒ.අත්පුතරාජා මහතා සඳහන් කළා.
වවුනියාව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ඉගෙනුම ලැබූ මෙම සිසුවා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක් වූ අතර ඔහු හෘද රෝගයක් සඳහා කාලයක සිට ප්‍රතිකාර ලබන අයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
තත්ත්වය එසේ තිබියදී නවක වධය දීමේ සිද්ධියකදී මොහුට අධික ලෙස මත්පැන් පානය කිරීමට දීම නිසා රෝගී තත්ත්වය උත්සන්න වී ඔහු මියගිය බව එම වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් කියා සිටියා.


