29 C
Colombo
Thursday, November 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස් නිල ඇඳුම් ළඟ තබාගත් දෙන්නෙක් අල්ලයි

පොලිස් නිල ඇඳුම් ළඟ තබාගත් දෙන්නෙක් අල්ලයි

පොලිස් නිලධාරින්ට ලබා දී ඇති නිල ඇඳුම්වලට සමාන නිල ඇඳුම් වෙනත් පාර්ශ්ව වලට විකුණූ බවකියන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචි 38 සහ 39 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.

හොරණ පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන්ට ලද තොරතුරක් මත නීති විරෝධීව බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකා පොලිසියට අයත් නිල ඇඳුම් කොටස් සහ නිල ඇඳුම් සන්තකයේ තබාගෙන සිටි මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරුවන් එම පොලිස් නිල ඇඳුම් වෙනත් පාර්ශව වලට විකුණා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.  බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වැඩි දුර විමර්ශන සිදු කරයි.