දිවුලපිටිය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අඹුසැමි යුවළක් කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමක් කොටුකරගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ මරදගහමුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ.
අදා පිරිමි පුද්ගලයා සතුව හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 980ක් සහ කාන්තාව සතුව අයිස් මිලිග්‍රෑම් 5100ක්ද සොයා ගෙන තිබෙනවා.
මොවුන් කලක සිට දිවුලපිටිය, දූනගත, කටුවැල්ලේගම, අලුතෑපොල, මරදගහමුල, නෙල්ලිගහමුල, නිල්පනාගොඩ, මිනුවන්ගොඩ යන ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය සපයා ඇති බවයි..
මෙම පිරිමි පුද්ගලයා මිනුවන්ගොඩ අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන අතර, කාන්තාව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව පොලිසිය පැවසුවා.


