වැඩිහිටියන්ට පමණක් ඇතුළු විය හැකි වෙබ් අඩවි සඳහා අසභ්‍ය වීඩියෝ දර්ශන උඩුගත කළ විවාහක යුවළක් මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේදීය.
මෙම යුවළ වයස අවුරුදු 37 හා 36 හැවිරිදි වියේ පසුවන අතර සැමියා පරිඝණක ඉංජිනේරුවරයෙක් හා බිරිඳ මනෝ විද්‍යා උපදේශකවරියක් බව සඳහන් වේ.
ඔවුන් විසින් අදාළ වෙබ් අඩවියට වීඩියෝපට 334ක් උඩුගත කර තිබෙන බවත් මෙම සැකකරුවන් දෙදෙනා හෙට (09) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පැවසුවා.


