26 C
Colombo
Saturday, November 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිරිඳ අනියමෙන් බැඳුනු නිසා, පියා දියණියව නොඑන ගමන් යවයි

බිරිඳ අනියමෙන් බැඳුනු නිසා, පියා දියණියව නොඑන ගමන් යවයි

සිව් හැවිරිදි දියණිය ද ඝාතනය කර පියා ද සිය දිවි නසාගත් පුවතක් ඉන්දියාවෙන් අසන්නට ලැබෙනවා.
ඒ තම බිරිඳ වෙනත් පිරිමියෙකු සමඟ පලා යාමේ සිද්ධියක් හේතුවෙන්.
මෙම කාන්තාව නිවසින් පිටව යාමට පෙර සටහනක් තබමින් සඳහන් තිබෙන්නේ තමාට ඔහු සමග ජීවත් විය නොහැකි බවත් දික්කසාද වීමට අවශ්‍ය බවත් ය.
මෙම සැමියා විසින් බිරිඳ අතුරුදන්ව ඇති බවට පොලීසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.
ඉන් අනතුරුව පොලිසියේ සිට නිවසට පැමිණෙන අතරතුර මෙසේ සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ.
සිය දියණිය අවන්හලකට රැගෙන ගොස් ඇය ප්‍රිය කරන ආහාර ද ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන් පසුව වාහනය තුළදීම ගෙල සිර කර මරා දමා ඇති බව එරට පොලීසිය සඳහන් කරනවා.
පසුව ඔහු ද ඒ ආසන්නයේ ගසක ගෙළ වැළලාගෙන ඇති බව සඳහන්.