23.9 C
Colombo
Saturday, December 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසම්පත් මනම්පේරිට අයත් වාහන තුනක් පොලිස් භාරයට

සම්පත් මනම්පේරිට අයත් වාහන තුනක් පොලිස් භාරයට

සම්පත් මනම්පේරිට අයත් බව කියන බස් රථයක්, මෝටර් රථයක් සහ කැබ් රථයක් පොලිසිය සිය භාරයට ගෙන තිබේ.
මේ වනවිට සම්පත් මනම්පේරි රැදවුම් නියෝග මත පොලිස් භාරයේ සිටින අතර බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සම්පත් මනම්පේරි යන අයගේ මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේ දී අදාළ වාහන සොයා ගෙන ඇති බව වාර්තා වනවා.
මිද්දෙණිය තලාව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීම සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් බහලුම් දෙකක් ළග තබා ගැනීමේ සිද්ධියට අදාළව පසුගියදා මොහු පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.