කැරම් බෝඩ් නඩුව සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කළ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබෙනවා.
ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ පී.එම්.ටී. බන්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
අධිකරණය මගින් වරදකරු කළ විත්තිකරුවකු අභියාචනයට යටත්ව ඇප ඉල්ලීමේ දී සුවිශේෂී කරුණු ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බවයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ, .


