පසුගිය සැප්තැම්බර් මාසයේ මෙරට සංචාරයකට පැමිිණි විදෙස් ජාතික තරුණියකට මුහුණ දීමට සිදුවූ අනපේක්ෂිත සිදුවීමක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.
එම සිද්ධියට මුහුණ දුන් විදෙස් කත පවසන්නේ ඇය පසුගිය 25 වැනිදා සංචාරයේ නිරත වෙමින් සිටියදී තමන් අසලට පැමිණි තරුණයෙක් අසැබි ක්‍රියාවක නිරතවූ බවයි.
ඇය විසින් අදාල සිදුවීම පෙන්වන වීඩියෝවක් සමාජ මාධ්‍යයට මුදාහැර තිබුණා.
එහි දැක්වෙන්නේ අදාල පුද්ගලයා විසින් විදෙස් කාන්තාවට රහසඟ පෙන්වන ආකාරයයි.
ආරුගම්බේ ප්‍රදේශයේදී අදාල විදෙස් ජාතික තරුණිය මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණපා ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වනවිට හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
ඔහු කඩිනමින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බවයි වැඩිදුරටත් පොලිසිය පැවසුවේ.


