කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ “බිඳවැටුන ආර්ථිකය, ගිලිහෙන බලය හමුවේ ජාතිවාදී දේශපාලන කරණම්” යන තේමාවෙන් ‘සම අයිතිය ව්‍යාපාරය’ විසින් 2022.02.25 පවත්වන ලද සම්මන්ත්‍රණය.
බිද වැටෙන ආර්ථිකය හමුවේ ජාතිවාදී දේශපාලණයේ මීළග කරනම
මෙරට ඉතිහාසය පුරාම පාලකයන් විසින් ගෙන ගිය අසාර්ථක ආර්ථික ප්‍රතිපත්තීන් හේතුවෙන් ලාංකීය ජනතාවගේ දෛනික ජීවිතය මෙන්ම සමාජ ජීවිතයේ වටිනාකම බිඳවැටුණා. ආර්ථික ජීවිතයේ බිඳ වැටීම බොහෝ විට පවතින ආණ්ඩුව විසින් ආවරණය කළේ ජාතිවාදය සහ ආගම්වාදය උපයෝගි කරගනිමින් බව නිරීක්ෂණය කළ හැකියි. ආගම අනුව ජනතාව බෙදා වෙන් කොට කොට ඔවුන්ට ව්‍යාජ සතුරන් නිර්මාණය කර දීමෙන් පවතින සමාජ ආර්ථික පීඩාව සම්බන්ධ ජනතාවගේ විරෝධය පාලකයන් විසින් වෙනත් මගකට යොමු කරනු ලබනවා.
අදත් අප ජීවත්වන සමාජය විශාල පීඩාවකට ඇද දමමින්රටේ ආර්ථිකය නැවත වටයකින් අතිශය දරුණු ලෙස බිඳ වැටී තිබෙනවා.මතුවී තිබෙන ආර්ථික අර්බුදයට පිළිතුරු නොමැති නිසාත් ජනතාව විසින් මුහුණ දෙන ගැටලුවට විසඳුම් දිය නොහැකි නිසාත් දේශපාලන නායකත්වය යළිත් වටයකින් ජාතිවාදී මර උගුලක් වෙත ජනතාව ඇද අද දැමීම නොවැළැක්විය හැකි ලෙසත් අකමැත්තෙන් උනත් අපට බලාපොරොත්තු වෙන්න සිදු වෙනවා. ඒ සම්බන්ධ ඉඟි අප හමුවේ වරින්වර මතු වෙමින් තිබෙනවා.
එක පැත්තකින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ලංකාවේ මානව හිමිකම් කඩවීම් කඩවීම් සම්බන්ධ සිද්ධි ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර පත්‍ර සීමාවට සීමාකර ගන්නවා. යුද්ධයෙන් පසුව අතුරුදන්වූවන් හා එයින් වින්දිතභාවයට පත්වූවන් මෙන්ම අධිකරණමය කටයුත්තකින් තොරව රඳවා රඳවා සිටින්නන්ගේ ජීවිතවලට සාධාරණයක් ඉටු කිරීමේ ක්‍රමවේදයක් යුරෝපා සංගමයේ මැදිහත්වීම තුළදී අපට දකින්න ලැබුණේ නැහැ. වරින්වර මාරු වූ ආණ්ඩුවලින් පවා එම වින්දිතයන් සම්බන්ධ විශ්වාස කළ හැකි ප්‍රවේශයක් ගනු ලැබුවේද නෑ.
දැන් ආණ්ඩුව බලහත්කාරී මිලිටරිකරණ ක්‍රියාවලියක් රට පුරාම ක්‍රියාත්මක කරමින් සිටිනවා. රටේ පරිපාලන ක්‍රියාවලිය සඳහා යුද හමුදා නිලධාරීන් පත් කරමින් පරිපාලනය ජනතාවගෙන් ඈත් කර හමුදාමය ක්‍රියාන්විත බවට පත් කර කර තිබෙනවා.
තිස් අවුරුදු යුද ගැටුම අතරතුර දෙමළ ජනතාව මිලිටරි පරීක්ෂාව යටතේ තැබීම විසින් ඔවුන් තව මව්බිම තුළම සිරකරුවන් බවට පත්කරනු ලැබූ බව අමතක කළ නොහැකියි. යුද්ධය අවසන් වූ පසුවත්, සිංහල මුස්ලිම් විරෝධයක් කරා සමාජය ගෙන යනු ලැබුවේ පාලකයන්ගේ අනුග්‍රහය ඇතිවයි. එහි ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකි ජාතිවාදී ආතතිය තුළ දේශපාලන බල අරමුනු වෙනුවෙන් මේ සමාජය 2019දි නැවත පුපුරුවා දැමුණා. දෙවසරකට පෙර, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ලංකාවේ දෙමළ කතා කරන මුස්ලිම් ජනයා මිලිටරි ඇස යටතේ තැබීම විසින් ඔවුන්ද තමන් ජීවත්වන රට තුළම සිරකරුවන් බවට පත්කරවු ලැබ තිබෙනවා. දෙමළ භාෂාව කතා කරන පිරිස් ලංකාවේ සතුරන් හා ත්‍රස්තවාදීන් යැයි හැඟීමක් සමාජ ගතකර තිබෙනවා.
තව පැත්තකින් ඉතා දීර්ඝ කලායක් තුළ වතුකරයේ ජනතාව තමන් වැඩ කරන වතුයායවල් තුළම නූතන වහලුන්ගේ තත්ත්වයට ඇද දමා තිබෙනවා. ජීවත් වීමට සරිලන වැටුපක්, නිවසක්, ස්ථිර ලිපිනයක් හා ඉඩමක් අහිමි මේ ජනතාව රටේ සිවිල් සිවිල් අයිතිවාසිකම් කිසිවක් භුක්ති විඳින්නේ නෑ.
මේ විදියට පොදු සමාජ පරිකල්පනයෙන් ඈත්කොට හුදකලා කොට ජාතිවාදී පදනම මත වෙන්කර එකිනෙකාට ආගන්තුකයන් බවට පත්කර තිබෙනවා. එකිනෙකා කෙරෙහි අවිශ්වාසයකින් හා නිර්මාණය කළ සැකයෙන් ඇති වූ ආතතියෙන් පෙළෙන ජනතාව පහසුවෙන්ම තවත් වටයකින් ඉතා අනතුරුදායක ගැටුමකට ඇද දමන්න පුළුවන්කම තිබෙනවා.
දැන් පවතින අනතුරුදායක තත්වයත්, ආර්ථික අර්බුදය විසින් ජනිත කරන දේශපාලන බලය අහිමි වීමේ අනතුරත් ඉදිරියේ ජාතිවාදී දේශපාලනය විසිනි මුදා හැරිය හැකි විනාශය වැලැක්වීම අප ඉදිරියේ ඇති ඉතා බැරෑරුම් වගකීම් ලෙස මේ මොහොතේ ඉස්මතු වී තිබෙනවා.
නිසැකවම පාලකයන්ගේ වැරදි දේශපාලන පිළිවෙත්, ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ඇතිකර තිබෙන වත්මන් අර්බුදය තුළ තමන් වෙත එල්ල වන ජනතාවගේ විරෝධය ආණ්ඩුවට අභියෝගයක්ව තිබෙනවා. පාලකයන්ට අනතුරුදායක ලෙස සටන්කාමී ආකාරයෙන් වැඩෙන ජනතා විරෝධය වෙනුවට එකිනෙකා අතර ගැටුමක් වෙත ඒ ජනතාව ඇද දැමීම මෙම අභියෝගයෙන් ගැලවීමේ හොඳම ක්‍රමය බවට ආණ්ඩුවේ ගණන් බැලීමක් තිබෙන මතුවන ඇතැම් කරුණු නිසා පැහැදිලි වෙනවා. මෙම තත්වය හඳුනා ගෙන ජනතාව කුමන්ත්‍රණකාරි ලෙස ගැටුම් වෙත ඇද දැමීම වැළැක්වීම අවම දේශපාලන වැටහීඹක් සමාජ වගකීමක් ඇති සියලු දෙනාගේම කාර්යයක්. ඒ සඳහා පුළුල් සහෝදරත්වයේ බැඳීමක් වෙත සියළු ලාංකීය ජනතාව කැඳවීම කළ යුතුව තිබෙනවා.රටේ බහුතර ජනතාව වන සිංහල භාෂාව කතා කරන වැඩ කරන ජනතාවට මෙහි ලා මූලිකත්වය ගත හැකි බලවේගය ලෙස අපි දකිනවා. දෙමළ හා මුස්ලිම් ජනතාව, ලංකාවේ සමානාත්මතාවයේ සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ඇතිව සම අයිතිය භුක්ති විඳින ජාතික ජන කණ්ඩායම් ලෙස පිලි ගැනීමට සමත් වන තත්ත්වයක් පොදු සමාජය තුළ විශේෂයෙන් බහුතර සිංහල ජනතාව තුළ ඇති කළ යුතුයි. ඒ තුළ පුළුල් සහෝදරත්වයක් සියලු ජනතාව තුළ ගොඩ නැගෙනවා. ලාංකීය සමාජයක් ලෙස පොදු සාමුහික බවක් හා ලාංකිකභාවයේ පරිකල්පනයක් කරා සමාජය කැඳවාගෙන යා යුතුව තිබෙනවා. මේ සඳහා පුළුල් සමාජ කතිකාවතක් ගොඩනැගීමේ වගකීමට අප උරදෙන්නේ කෙසේද?
ජාතික මට්ටමේ සහ ප්‍රාදේශීය මට්ටමේ පුළුල් සංවාදයක් ගොඩනැඟීම සඳහා නායකත්වය දිය හැකි මහජන සංවිධානයක් ගොඩනැගීම මෙහිදී ප්‍රමුඛතම කාර්යභාරය වෙනවා. බොහෝ වෙනස්කම් සහිත ජනතාව අතර, සමානාත්මතාවය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සම අයිතිය පදනම් කරගනිමින් මෙම සංවිධානය ගොඩනැගීම අද දවසේ ප්‍රමුඛතම අවශ්‍යතාවක්ව තිබෙනවා. එවැනි සමාජ සාමුහිකත්වයක් වෙත ඒ වෙත සියලු ජනතාව සම්බන්ධ කර ගැනීම සඳහා එක්වන ක්‍රියාකාරී වන ලෙසත් ලෙසත් සම අයිතිය ව්‍යාපාරය සමඟ සම්බන්ධ වන ලෙසත් අපි සියලු ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා