27.8 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවසරේ අලංකාරම උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ

වසරේ අලංකාරම උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ

වසරේ අලංකාරම උල්කාපාත වර්ෂාව අද (14) රාත්‍රී අහසේ දැක ගැනීමට හැකියාව පවතින බව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.

මිථුන තාරකා රාශිය ආශ්‍රිත දක්නට ලැබෙන බැවින් ජෙමිනිඩ් ලෙස නම් කර ඇති මෙම උල්කාපාත වර්ෂාව පයිතන් 3200 ග්‍රාහකයේ සුන්බුන් පෘථිවිය හරහා ගමන් කිරීමේ දී සිදු වන බව සඳහන්ය.

ඒ අනුව පැයකට උල්කාපාත 130-140ක් වැනි ප්‍රමාණයක් නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇති බවයි ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.

වසරේ ආකර්ශනීයම උල්කාපාත වර්ෂාවක් වන ජෙමිනිඩ් නොවැම්බර් අග සිට සක්‍රීය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව මෙම සතිය තුළදී සිදු වන බවයි පැවසෙන්නේ.

උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කිරීම සඳහා වඩාත් සුදුසු වේලාව වන්නේ රාත්‍රී 11 සිට උදෑසන 3 අතර කාලය යි. එසේම එය පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට ද හැකියාව ලැබේ.