― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeUncategorizedදිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක්

දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක්

සියලුම පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (27) රාත්‍රියේ නිකුත් කර ඇති අතර එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු සාමාජිකයන්ට මෙලෙස මහජන සාමය පවත්වාගෙන යාමේ කටයුතු පවරා ඇති බවයි.

මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව 2024 අගෝස්තු 27 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.