ආණ්ඩු මට්ටු කරන බලයක් දියවන්නාවෙන් එලියේ හැදිය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි.
නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංගපීඨයේ ඊයේ 27 දින පැවති ජන අරගල ව්‍යාපාරයේ පළමුවැනි සමුලුවේදී ඔහු මේ බව පවසා සිටියා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව
අපි අහපු කතාවක් තියෙනවා ආච්චිගෙ අරපිරිමැස්ම ගැන. ආච්චි කොස් ගෙඩියක් දැකලා ලෝබකමට ඒ්ක කඩා ගන්නවා. තම්බන්න තරම් මදි. හැබැයි මැල්ලුමට හොඳයි. විසි කරන්න ලෝබ නිසා මුලු කොස් ගෙඩියෙන්ම මැල්ලුමක් හදනවා. මැල්ලුම ගොඩක් ලොකුයි. කන්නත් බෑ. ඒත් අපරාදෙනේ කියල කෑවා. කොස් මැල්ලුම් කාලා වැඩි වෙලා බඩේ රුදාව හැදුනා. දොස්තර ළඟට ගියා. සතියකට බෙහෙත් දුන්නා. දවසක් බොන කොට ලෙඩේ හොඳයි. බෙහෙත් ටික අපරාදෙනේ කියලා ඔක්කොම බිව්වා. ඒ සැරේ බඩේ දැවිල්ල හැදුනා. දැන් මේක ඉවර වෙන්නෙ නෑ.
69 ලක්ෂයක් මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නා. දැන් හිතනවා දුන්නු නිසා යන්න දෙන්න ඕන කියලා. ඉවරයක් නෑ. මේ ආණ්ඩුවට තිත තියන්න දෙවරක් හිතන්න ඕන නෑ. නමුත් මොකක්ද ප්රශ්නය කියලා හරියට හඳුනාගන්න ඕන. බැසිල් නම් ප්රශ්නය, උත්තරේට නාමල් ගෙනෙයි. රාජපක්ෂලා නම් ප්රශ්නය, උත්තරේට සජිත් ගෙනෙයි. මුලින්ම ලෙඩේ හරියට හඳුනාගන්න ඕන. දැන් ආණ්ඩුව එක්ක ලෙඩේට බෙහෙත් දෙන්න හදනවා. කවුද? ජාත්‍යන්තර මුල්‍ය අරමුදල. රාජ්‍ය ආයතන 39ක් ප්‍රතිව්‍යුහගත කරන්න. දුම්රිය, මධ්‍යම ගමනාගමන මණ්ඩලය, විදුලිය, ඛනිජ තෙල්, තැපෑල, සතොස… මේ ටිකක් විතරයි. මේවා වෙන්දේසි කරන්න කොන්දේසි දානවා. විශ්‍රාම වැටුප අහෝසි කරන්න, අර්ථසාධක අරමුදල කොටස් වෙළදපොලේ ආයෝජනය කරන්න, රාජ්‍ය සේවය හකුළන්න.
මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට එකඟවීම මේ රටේ දේශපාලනයේ ආර්ථිකයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක්.
අනෙක් පැත්තෙන් මේ වෙලාවෙ ඉන්දියාව ඉදිරිපත් වෙන්නෙ සහන ණය දෙන්නේ නිකං නොවෙයි. කොන්දේසි පිට. අපි අහනවා, බැසිල් රාජපක්ෂ දැන් හෙළිදරව් කළ යුතුයි, ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් පහ මොනවද? ආරක්ෂක ගිවිසුම් මොනවද? ලෝක යුද්දයක් අස්සට රිංගවලා මේ රට යුද පිටියක් කරන්න යන්නෙ.
මේ ආර්ථික අර්බුදය ගැන ලකුණු පහළ වෙන වෙලාවෙම, හාල් කිලෝ එක රුපියල් දෙසීයට යයි, බිත්තරයක් රුපියල් හතලිහ වෙයි කියලා වාමාංශිකයන් කිව්වා. රසායනික පොහොර තහනම් කරන තකතීරු තීරණය ගත්තු වෙලාවේ, ඕක කරන්න එපා වී අස්වැන්න තුනෙන් පංගුවකින් අඩු වෙනවා කියලා ‘ගොවි අරගල මධ්‍යස්ථානය’ බලධාරින්ට කිව්වා. නමුත් තීරණ ගන්න අය වගේ වගක් නැතුව හිටියා. දැන් අපි කියනවා මූල්‍ය අරමුදලේ යෝජනා මේ රටේ ආර්ථිකයේ ඉතුරු ටිකටත් කෙළවනවා. ආර්ථිකයක් ඉතිරි වෙන්නෙ නෑ, කෘෂිකර්මාන්තයට දැන් කරමින් ඉන්න දේ මුලු රටේම ආර්ථිකයට සිදු කරන්නයි මේ අය හදන්නෙ.
දැන් රාජ්‍ය විශ්වවිද්‍යාල වහලා. හැබැයි මුදල් අය කරන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, එ්ක විතරක් ඇරලා. කොතලාවල විශ්වවිද්‍යාලයෙන් කොවිඩ් බෝ වෙන්නෙ නෑ. අනිත් ඒවයින් බෝ වෙනවා. මොකක්ද මේ කරන්නෙ. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අඩපණ කරනවා. ගෙවල්වල ඉඳගෙන ඉගෙන ගන්න සිසුන් පුරුදු කරනවා. මේක තමයි මේ කරමින් ඉන්නෙ.
දැන් ජාතික ආණ්ඩුවකට සම්මේලන පවත්වනවා. මේවා දැක්කම අපේ ඇඟේ මාලු නටනවා. අපට වඩා 69 ලක්ෂයේ ඇඟේ මාලු නටනවා ඇති. පොදුජන පෙරමුණට සහයෝගය දක්වන අය පරණ වීඩියෝ අරගෙන බලන්න. එදා කොහොමද පෙළපාලි ගියේ. ‘කවුද හොරා -රනිල් හොරා’ ‘කවුද හොරා-රනිල් හොරා’ දැන් ඒ රනිල් රාජපක්ෂලාට ආර්ථිකය හදන්න උපදෙස් දෙනවා.
මේ රටේ සුවහසක් ජනතාව තවත් විඳවන්න ඕන නෑ. මොකද ජනතාව මේ විඳවන්නෙ පාලකයන් ගත්ත තීරණවල වැරදි නිසා. ඉතින් කවුරු හරි කියනවා නම් ආණ්ඩුව පන්නමු කියලා. අපිත් එකඟයි, ඔව් පන්නමු, හැබැයි අපි කියනවා, ඔය පන්නමු කියන අය දැන් මේ ආණ්ඩුව පන්නන්න ලෑස්ති නෑ. ඒ අය හිතන්නේ තව අවුරුදු තුනක් ඔහොම යන්න දෙමු, තවත් හොඳටම කුජීත වෙන්න දෙන්න ඕන කියලා. එතකොට තමයි ගෙඩිය පිටින් කඩා ගන්න පුළුවන් වෙන්නෙ. ඒ කියන්නෙ අද ජනතාව විඳවන තත්වය විසඳන්න මේ අය ළඟ උත්තර නෑ. ජනතාව මේ විඳවීම මැතිවරණයක් එනතුරු විඳින්න ඕනද?
අපි කියනවා හැකි ඉක්මනින්ම ආණ්ඩුව පන්නන්න ඕන. හැබැයි ආණ්ඩුව පන්නන බලයක් හදන්න ඕන. විකල්ප බලයක් පාර්ලිමේන්තුවෙන් එළියෙ හදන්න ඕන. දශක හතක් මේ රට කාබාසිනියා කළ ගමන වෙනස් කරන ව්‍යාපාරයක් අවශ්‍යයි. මහජන ව්‍යාපාර ගොඩනැගෙන්නේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න වෙනුවෙන්. යම් නිශ්චිත ප්‍රශ්නයක් වෙනුවෙන්. නමුත් ‘ජන අරගල ව්‍යාපාරය’ එතැනින් තවත් අඩියක් ඉස්සරහට තියලා තියෙනවා. ඒක මේ වේදිකාව දිහා බැලුවම පේනවා. ළහිරු වීරසේකර, ජයග්‍රාහී සයිටම් අරගලයේ නායකයෙක්. ජෝෂප් ස්ටාලින් ගුරු අරගලයේ නායකයෙක්. රාහුල හාමුදුරුවො පරිසරය රැක ගැනීමේ අරගලයේ නායකයෙක්. විමල් වත්තුහේවා ආණ්ඩුව ගත්ත කඩිකුලප්පු තීරණය නිසා පීඩා විඳින සියලුම ගොවි සංවිධාන එක මිටකට එකතු කරන්න ගොවි බලයක් ඇති කරන්න මැදිහත් වුණා. මේ වේදිකාවෙ ඉන්න හැමෝම එහෙමයි. තමන් ක්‍රියාත්මක වන ක්ෂේත්‍රයෙදි විශේෂත්වයක් දක්වපු නායකත්වයක් පෙන්වපු පිරිසක්.
‘ජන අරගල ව්‍යාපාරය’ ගොඩනැගෙන්නේ මූලික කරුණු හයක් පදනම් කරගෙන. අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයක්, නවලිබරල් ධනවාදයට එරෙහි ව්‍යාපාරයක්, ජාතිවාදයට එරෙහි ව්‍යාපාරයක්, සමාජ පසුගාමීත්වයට එරෙහි ව්‍යාපාරයක්, ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් අරගල කරන ව්‍යාපාරයක්, පරිසරය රැක ගැනීම වෙනුවෙන් වන ව්‍යාපාරයක් කියන කරුණු හය පදනම් කරගෙන. ඒ වගේම ‘ජන අරගල ව්‍යාපාරය’ ගොඩනැගෙන්නේ වෘත්තීය සමිති, කම්කරු ව්‍යාපාරය, ගොවි, ධීවර, ශිෂ්‍ය, තරුණ, කාන්තා ව්‍යාපාර ශක්තිමත් කරමින්. ගම් දනව්වල ජනතාව සංවිධානය කරමින්. ඔව්, මෙතැනින් අපි නවතින්නෙ නෑ. මේ ව්‍යාපාරය රට වටා යනවා.
අපි කියනවා, ආණ්ඩු මට්ටු කරන බලයක් දියවන්නාවෙන් එලියේ හදන්න ඕන. ඒක තමයි ජන අරගල ව්‍යාපාරයේ න්‍යාය පත්‍රය. අපි හෙටත් පෝලිම්වල ඉඳගෙන ආණ්ඩුවට දෙස් දෙවොල් තියනවද? දෙස් දෙවොල් තිය තිය හූල්ල හූල්ල හිටියොත් අපි පරාදයි. රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වතු කම්කරුවන් වැටුප් සටනකට ලෑස්ති වෙන්න ඕන. ගොවීන්, ධීවරයන්, ස්වයං රැකියා කරන්නන් ඇතුළු සියලු දෙනා සහන ඉල්ලන්න ඕන. මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කිරීමට විරුද්ධව සටන් කරන්න බලයක් ගොඩනගන්න ඕන. ඉන්දියාව, චීනය, ඇමරිකාව එක්ක අත්සන් කරන ආරක්ෂක ගිවිසුම්වල බලපෑම ඉදිරියට එනවා. ඒ නිසා ජනතාව සංවිධානය වෙන්න ඕන. මේ දිශාවට වැඩ කරන්න ඕන. මේ අරගලය තුළ තමයි ආණ්ඩුවේ ජනතා විරෝධී තීන්දු ආපස්සට හරවන්න, ජනතාව මත පීඩාකාරි මිල වැඩි කිරීම්, බදු, නීති සහ නියෝග පටවන ආණ්ඩුව මට්ටු කරන්න, පාලකයන් ගෙදර යවන්න විතරක් නෙවෙයි, ජනතාවගේ අරමුණු ඉටු කරගන්න සමත් පාලනයක් වෙනුවෙන් ජනතා බලය සංවිධානය කරන්න ‘ජන අරගල ව්‍යාපාරය’ තවතවත් ශක්තිමත් කරමු, ඒ වෙනුවෙන් ඒකරාශි වෙමු.