28.9 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅමෙරිකාව- බ්‍රිතාන්‍යය- ඔස්ට්‍රේලියාව ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමෙන් ආසියා පැසිෆික් කලාපය රත් වෙයි

අමෙරිකාව- බ්‍රිතාන්‍යය- ඔස්ට්‍රේලියාව ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමෙන් ආසියා පැසිෆික් කලාපය රත් වෙයි

ආසියා පැසිෆික් කලාපයේ නව ආරක්ෂකයා බවට ඔස්ට්‍රේලියාව පත් කිරීම උදෙසා අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ඒකබද්ධව බිහි කළ ආසියා පැසිෆික් කලාපයේ නව ආරක්ෂක හවුල්කාරීත්වය හේතුවෙන් දශක දෙකකට ආසන්න කාලයක් බාධක මැදින් ඇදි ඇදී ගිය ඔස්ට්‍රේලියා – චීන මිත්‍රත්වය නිමාවට පත්වනු ඇතැයි ලොව ප්‍රධානතම විදෙස් පුවත් සේවා මගින් වාර්තා විය.

ආසියා පැසිෆික් කලාපයේ ආරක්ෂාව තහවුරු කිරිමේ අරමුණ ඇතිව ආරම්භ කළ බව කියන මේ ඓතිහාසික හවුල්කාරීත්වය ‘ඕකස්‘ නමින් හඳුන්වනු ලබන අතර, එය මුළුමනින්ම චීනයේ ආධිපත්‍යයට එරෙහිව බටහිර ලෝකය විසින් ක්‍රියාත්මක කරනු ලබන උපාය මාර්ගික සැලසුමක් බවටද වාර්තා වේ.

නව ගිවිසුමට අනුව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරින නිෂ්පාදනයට ඔස්ට්‍රේලියාවට අවසර ලැබෙන අතර, එවැනි සබ්මැරින ඔස්ට්‍රේලියාව නිපදවීමට සූදානම් වන්නේ පළමු වතාවටය. ඒ හැරුණු විට කෘත්‍රිම බුද්ධිය, සයිබර් අවකාශය සහ ක්වොන්ටම් තාක්ෂණයත් මේ රටවල් ත්‍රිත්වය අතර හුවමාරු වනු ඇත. දශක ගණනාවකට පසු රටවල් කිහිපයක් අතර මෙවැනි විශාලතම ආරක්ෂක ගිවිසුමක් ස්ථාපිත වූ පළමු අවස්ථාව මෙය වේ. ආසියා පැසිෆික් කලාපයේ චීන ශක්තිය ඉතා වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන බවත්, ඊට මුහුණ දීමට අවශ්‍ය පසුබිම නව ආරක්ෂක ගිවිසුම තුළින් සකස් වනු ඇති බවත් මේ පිළිබඳ අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය දරන අදහස වේ.

නව ගිවිසුම සම්බන්ධව රටවල් ත්‍රිත්වයේ රාජ්‍ය නායකයන් වන අමෙරිකාවේ ජෝ බයිඩ්න්, බ්‍රිතාත්‍යයේ බොරිස් ජොන්සන් සහ ඔස්ට්‍රේලියාවේ ස්කොට් මොරිසන් ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත් කර ඇත. මේ ආරක්ෂක ගිවිසුම ලොව පුරා දැඩි අවධානයක් දිනා ගැනීමට සමත්වූ අතර, එය ආසියාවේ දේශපාලන උණුසුම වර්ධනය වීමට ද බලපා තිබේ.

ඔස්ට්‍රේලියාව සිය විශාලතම වෙළෙඳ හවුල්කරුවා වන චීනය අනවශ්‍ය ආකාරයෙන් සතුරකු බවට පත් කරගනිමින් අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය සමඟ මෙවැනි ගිවිසුමකට එළැඹීම හා අමෙරිකාව මත ඕනෑවට වඩා විශ්වාසයක් ගොඩ නගා ගැනීම ආසියා පැසිෆික් කලාපයේ ඉරණම තීරණය කෙරෙන සාධක බවට පත්වීමට ද ඉඩ ඇතැයි දේශපාලන විචාරකයෝ කියති.