26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeUncategorizedඉන්ධන බදු අඩු කරයි

ඉන්ධන බදු අඩු කරයි

ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා ඉන්ධන සඳහා වන බදු අඩු කිරීමට නිශ්චිත ලෙසම කටයුතු කරන බව ප්‍රකාශ කළේය. මෙවර අයවැයෙන්ද ජනතාවට ලබා දිය හැකි උපරිම සහන ප්‍රමාණයක් ලබා දී ඇති බව ද ඔහු අවධාරණය කළේය.

ඔහු වැඩිදුරටත් පැවසූයේ අයවැයෙන් නව බදු කිසිවක් පනවා නොමැති බවත්, තෙල් සංස්ථාව අලාභ ලබන තත්ත්වයට පත්කළ ආකාරය සහ එකල සිටි ඇමැතිවරුන් එය අවභාවිතා කළ ආකාරය පිළිබඳ වාර්තාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්ය.

මෙම ප්‍රකාශය සිදු කරන ලද්දේ අද දින පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කරන ලද විමසීමකට පිළිතුරු වශයෙනි.