ජනාධිපතිගේ කාර්යාලය අසල විරෝධතා ජනපදයක්..
ජනාධිපතිවරයාට ඉල්ලා අස් වන්නට බල කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ පැවැත්වෙන විරෝධතාවය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් තිබේ.
එහි මේ වන විට විරෝධතා කරුවන් සඳහා තාවකාලික කූඩාරම් ඉදි කර ඇත.
තාවකාලික වැසිකිළි පහසුකම් ද විවේක ලබා ගැනීමේ පහසුකම් මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන ද තාවකාලිකව ඉදිකර තිබේ.
විරෝධතාකරුවන්ට අවශ්‍ය ආහාරපාන ලබාදීම සඳහා තාවකාලික කූඩාරම් ද ඉදිකර ඇත.