― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalජනතා සේවයේ දී කඹ අදින්න එපා-ජනපති

ජනතා සේවයේ දී කඹ අදින්න එපා-ජනපති

ජනතාවට සේවය කිරීමේ දී කඹ ඇදීමකින් තොරව තම වගකීම් නිසි‍ ලෙස ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

තමා වෙත ඉදිරිපත් කළ ජනතා ගැටලුවලින් 50%ක පමණ ප්‍රමාණයක් රාජ්‍ය නිලධාරීන්ට විසඳුම් ලබා දිය හැකි ඒවා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ගැටලු විසඳීමට ජනාධිපතිවරයා නොව ඇමතිවරයෙකුවත් කොළඹ සිට පැමිණීම අවශ්‍ය නොවන බවත් පැවසූ අතර රාජ්‍ය ආයතන මනා සම්බන්ධීකරණයකින් උපරිම ජනතා සේවයක් ඉටුකිරීමට කැපවිය යුතු බවත් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (22) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු විසඳීම පිළිබඳ සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධව සකස් කරන ලද වාර්තාවක් පෙබරවාරි 04 වනදාට පෙර තමා වෙත ලැබීමට සලස්වන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා එසේ වාර්තාවක් ඉදිරිපත් නොකළහොත් තමා වෙත පැවරී ඇති බලතල අනුව ක්‍රියාකරන බව ද පැවසීය.