― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalකෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා පාර්ලිමේන්තුව නොමඟ යවලා

කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා පාර්ලිමේන්තුව නොමඟ යවලා

කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා පාර්ලිමේන්තුව නොමඟ යවා ඇති බව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අද දින පැවති මාධ්‍ය හමුවක් අමතමින් පුබුදු ජයගොඩ මේ බව පැවසීය.

ව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද වන විට ඉන්දියාවට ගිහින් තියෙනවා. ඔහු ඉන්දියාවට ගියේ කුමක් සඳහාද ඔහු ඉන්දියාවට යද්දී අපේ රටේ රෝගීන්ට මිනී වලට යන තත්ත්වයක් උදාවෙලා තියෙනවා.

ඔක්තෝම්බර් මාසේ විසි පස්වෙනිදා සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා ඖෂධ වල හදිසි මිලදී ගැනීමක් කියලා.

 ඒකෙ කරුණු වල තියෙනවා රටේ විශාල ඖෂධ හිඟයක් තියෙනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා ඖෂධ මිලදී ගන්නා ගියොත් ප්‍රමාදයක් සිද්ධ වෙනවා. හදිසි මිලදී ගැනීම් සිද්ධ කරන්න වෙනවා. ඉන්දියාවෙන් ලබා ගත්ත ණයවල  මුදල් ඉතිරි වෙලා තියෙනවා.

 ටෙන්ඩර් කැඳවීමකින් තොරව සේවරිට්කි යන සමාගමේ ඖෂධ මිලදී ගැනීම සඳහා වන මූලික අනුමැතිය කැබිනට් මණ්ඩලය ඉල්ලලා තියෙනවා.

මේකේ කියලා තියෙනවා අනිකුත් සමාගම හරහා ඖෂධ මිලදී ගන්න පුළුවන් කියලා. ඉන්දියානු ණය මුදල් සහ අනෙකුත් අරමුදල් ක්‍රම භාවිතා කරගෙන කියලා මේක කියලා තියෙනවා.

 ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි විය යුතුව තියෙනවා සාමාන්‍ය ඖෂධ මිලදී ගැනීමක් කරද්දී. ඒ ලියාපදිංචි වෙච්ච ගුණාත්මක භාවයක් සහිත ඖෂධ විතරයි ලංකාවට ගෙන්නන්නේ.

 අඩුම මිල සහිත සමාගමට තමයි ඒක ලබා දෙන්නේ. ඒ කිසිවක් නැතිව තමයි කැබිනට් මණ්ඩලයට මේ තීරණය ඉදිරිපත් කරන්නේ.

මේ තියෙන්නෙ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රධානි විජිත් ගුණසේකරට ඉන්දියාවේ ෆැක්ට්‍රි විසිට් එහෙකට යවනවා

 ඉන්දියාවේ ඖෂධ නිෂ්පාදනාගාරයක් පරික්ෂා කරන්න යන්න මේ දෙන්නට අවසරය දීලා ලිපියක් නිකුත් කරලා තියෙනවා.

 මේක හතර බීරි කතාවක් නේ මේක මේගොල්ලෝ මේ සම්බන්ධ විශේෂඥ යෝද?

 ජාතික ඖෂධ නියාමන අධිකාරියේ  මේ විෂය සම්බන්ධ විශේෂඥයෝ ඉන්නවා.

 කෙහෙළිය රඹුක්වැල්ල මේ විෂය දන්නවාද විජිත් ගුණසේකර එයාට තියෙනව ද මේ සම්බන්ධ වෘත්තීය සුදුසුකම.

 කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා නිශ්චිත වශයෙන්ම පාර්ලිමේන්තුව නොමඟ යවලා තියෙන්නේ.

නොවැම්බර් මාසේ 29 වැනිදා කෙහෙළිය රඹුක්වැල්ල කියනවා ඖෂධ වල කිසිම හිඟයක් නැහැ කියලා.

 එහෙම කියපු කෙනා දෙසැම්බර් මාසේ පස්වෙනිදා සතියකට පස්සේ කැබිනට් පත්‍රිකාවක් යනවා අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 151 කුයි ශල්‍ය උපකරණ 5278 කුයි  විකිරණශීලි උපකරණ 18 කුයි  නිත්‍ය අනුපූරක රසායන උපකරණ 850 කුයි හිඟයි ඉතුරු ඒ වගේ තොග ඉක්මනින් අවසන් වී ගෙන යනවා ටෙන්ඩර් පටිපාටියෙන් තොරව හදිසි මිලදීගැනීම් කරමු කියනවා.

 මේ තියෙන්නෙ කෙහෙළිය රඹුක්වැල්ල හෝටල් කාමරයක් බුක් කිරීම සම්බන්ධ ගුවන් සේවයත් එක්ක ආපු ලියවිල්ල මේකට අනුව ඉන්දියාවේ තියෙන චෙන්නායි වල තියෙන තරු පහේ හෝටලයක කාමර තමයි වෙන් කරලා තියෙන්නේ මේ අය සඳහා.

 කාමරයකට එක දවසකට ගෙවනවා ඩොලර් 400 ක්‌ මේ වෙනකොට ඉන්දියන් රුපියල් ලක්ෂයක් ලංකාවේ රුපියල් ලක්ෂ හතර හමාරක් පමණ ගෙවලා තියනවා.

 ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා ජනේලෙන් පනින්න ගිය සිද්ධිය තියෙන්නෙ ඒ සල්ලි නැතුව. සල්ලි ගෙවලා තියෙන්නේ ඉන්දියාවේ ඖෂධ සමාගම කෞෂිත්ස මාගම.

 මේ එක නිශ්චිතවම අල්ලසක් නෙමෙයිද