වාහන ආනයනය ආරම්භය සම්බන්ධයෙන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා සිටියේ මෙරටදි මොටර් රථ නිපදවීම කෙරෙහි අවධානය යොමුකළයුතු බවයි.
ඒ පිළිබඳ වැඩිදුර අදහස් දැක් වූ අමාත්‍යවරයා,
“වාහන ගෙන්න ඉස්සෙල්ලා පරිප්පු ටික ගේන්න එපැයි. මම බලන්නේ හෙට උදේ වෙද්දි පරිප්පු කන්ටේනර් ටික බේරන්නේ කොහොමද කියලා. කොහොම හරි මෙහෙම කාර් එකක් හදාගමු.”
මේ අතර ඉදිරියේදී වාහන ආනයනය සඳහා අවසර ලබා දීමේ දී විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛතාවයක් ලබා දීමට කටයුතු කරනු ලබන බව හා එම වාහන සඳහා විදුලිය ලබා ගැනීමේ දී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සැලසුම් කළ යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භක දිනයේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් කියා සිටියේ ය.
“වාර්ෂිකව අපේ රටේ ආනයන වියදමෙන් සියයට 20ක් පමණ වෙන්වන්නේ තෙල් ආනයනය සඳහායි. සමස්ත අපනයන ආදායම මසකට ඩොලර් මිලියන 1,000කටත් වඩා අඩු ප්‍රමාණයක් වන විට තෙල් සඳහා පමණක් මාසයකට ඩොලර් මිලියන 350කට ආසන්න ප්‍රමාණයක වියදමක් දැරීමට අපට සිදුවෙනවා. මෙලෙස ආනයනය කරන තෙල්වලින් සියයට 70ක් පමණ වැය වන්නේ වාහන සඳහා ඉන්ධන වශයෙන්. විදුලි උත්පාදනය සඳහා සියයට 21 ක් පමණ වැයවෙනවා. කර්මාන්ත සඳහා යොදා ගැනෙන්නේ සියයට 4ක් පමණයි. ඉදිරියේ දී වාහන ආනයන සඳහා අවසර ලබා දෙන විට විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛතාවක් ලබා දෙන්නට අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව වාහන සඳහා විදුලිය සැපයීමේ දී හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කිරීමට අපි සැළසුම් කළ යුතුයි”