30 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දිගින් දිගටම ශ්‍රී ලංකාව ලුහුබඳින්නේ ඇයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දිගින් දිගටම ශ්‍රී ලංකාව ලුහුබඳින්නේ ඇයි

ඇමැති, මහාචාර්ය ජී.එල්. පීරිස්

සාකච්ඡා කිරීමට බොහෝ දේ තිබියදී දිගින් දිගටම ශ්‍රී ලංකාව ලුහු බඳින්නේ ඇයි කියා මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඇසිය යුතු බව විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (30) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

“ඉදිරි සති කිහිපයේ ශ්‍රී ලංකාවට විශේෂ වැදගත්කමකින් යුත් අන්තර්ජාතික සාකච්ඡා සහ සම්මේලන කිහිපයක් පැවැත්වෙනවා. සැප්තැම්බර් මස 12 වැනිදා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස් වෙනවා, ජිනීවා නගරයේ. 21 වැනිනිදා එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය රැස් වෙනවා, නිව්යෝර්ක් හිදී. මේ සම්මේලන දෙකෙන්ම උපරිම ප්‍රයෝජන ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

අපේ ස්ථාවරය පිළිබඳව අදාළ තානාපතිවරුන් දෙදෙනා විස්තර සහිතව දැනුම්වත් කර තිබෙනවා. ඊට අමතරව කොළඹ සිටින විදේශීය තානාපතිවරුන් හමුවී ජිනීවා සම්මේලනයට අදාළ සම්පූර්ණ විස්තරයක් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මා ඉදිරිපත් කර තිබෙනවා.

අපි මවිතයට පත්වන කාරණය තමයි, සෑම වර්ෂයකම ජිනීවා නගරයේ අපේ රට විවේචනය කරමින් විවිධ චෝදනා ඉදිරිපත් වීම. මීට නියම හේතුව කුමක්ද කියන ප්‍රශ්නය ඇත්ත වශයෙන්ම ජනිත වෙනවාද? මෙහි තුලනයක්, සාධාරණයක් තිබෙනවාද? මොකක්ද භාවිත කරන මිණුම් දණ්ඩ.

සාකච්ඡා කරන්න බොහෝ දේ තිබියදී ඇයි අපේ රට තෝරගෙන දිගින් දිගටම ලුහු බඳින්නේ කියන එකයි අපට තිබෙන ප්‍රශ්න. මෙය මානව හිමිකම්වලට අදාළ කාරණයක් ද එහෙමත් නැත්නම් ඊට හාත්පසින්ම වෙනස් දේශපාලන න්‍යාය පත්‍රයක්ද. ජිනීවා නගරයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස් වුණේ මේ වර්ෂයේ මාර්තු මාසයේ. ඒ මාස හයේ කොරෝනා වසංගතයට මුහුණ දෙමින් අපේ රජයට සහ රටට පුළුවන් වුණා, සෑම ක්ෂේත්‍රයකින්ම විශාල ප්‍රගතියක් අත්පත් කර ගන්න. ඒ පිළිබඳව සම්පූර්ණ විස්තර අවංකව ඉදිරිපත් කිරීම තමයි අපේ අභිප්‍රාය වී තිබෙන්නේ. අප සියලු රටවලින්ම ඉල්ලා සිටිනවා, අපේ මේ ප්‍රයත්නයට සහයෝගය දෙන්න කියලා.

මෑත යුගයේ සිදු වූ ඉතාමත් ශෝචනීය ඛේදවාචකය ලෙස පාස්කු දා ප්‍රහාරය හඳුන්වා දෙන්න පුළුවන්. මැල්කම් රංජිත් කාදිනල්තුමාව හමු වී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට මා ඉල්ලීමක් කර තිබෙනවා. එම ප්‍රහාරයෙන් පසු රජය ගෙන තිබෙන සියලුම ක්‍රියාමාර්ග ගැන පැහැදිලි කිරීමට මා බලාපොරොත්තු වෙනවා. කතෝලික පල්ලිය අති සංවේගයෙන් ගනු ලබන පියවර යම් යම් පිරිස් වෙනස් අරමුණු සඳහා භාවිත කිරීමට දැඩි උත්සාහයක් ගන්නා බවට පැහැදිලි සාක්ෂි තිබෙනවා. ඒ උත්සාහය සාර්ථක වන්නේ නෑ. ඒ පිළිබඳව ගෙන ඇති පියවර පිළිබඳ අන්තර්ජාතිකව ඉදිරිපත් කිරීමට අප කටයුතු කරගෙන යනවා.”

ක්‍රිසන්ති විතාරණ