මාධ්‍යවේදියා - 10:01


English English සිංහල සිංහල

 

- Advertisement -spot_imgspot_img

අර්බුදයේ වින්දනය සහ වින්දනයේ අර්බුදය

වෙනසක තාරුන්‍ය සංවිධානය ඊයේ 11 දින බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී සංවිධානය කල අර්බුදයේ වින්දනය සහ වින්දනයේ අර්බුදය සමකාලීන ටෙලි නාට්‍ය පිලිබඳ කතිකාව  වෙනසක තාරුන්‍ය සංවිධානයේ ජාතික කමිටු සාමාජික ලහිරු වීරසේකර මිනිස්සුන්ට මේ නාට්‍ය ඇතුළේ යථාර්ථය හම්බ වෙනවද? මේ සාකච්ඡාව අපි මීට කලකට ඉහත දී ගන්න හිටපු සාකච්ඡාවක් පහුගිය කාලය පුරාවට බලපාපු වසංගත තත්ත්වය මේ විදිහට එකතු වීම් සිදු කිරීමේ සීමාවක් තිබුණා ඒ සියල්ල මැද්දේ මේ කාර්යය මේ තරම් පස්සට එන්න හේතු වුණා. පහුගිය කාලය පුරාම අපි සියලු දෙනාටම යම් විදියට හුදකලා වෙලා ජීවිතය ගත කරන්න වුණා. මොනවා හරි කලා නිර්මාණ ආශ්‍රය කරන්න ලැබිච්ච ප්‍රධාන මාධ්‍යයක් තමයි රූපවාහිනි මාධ්‍ය. ඒ නිසා අපි හිතනවා පහුගිය කාලේ රූපවාහිනි ටෙලි නාට්‍යය වෙනදටත් වඩා මිනිසුන්ට සමීප වුණා. 1996 අවුරුද්දෙ සැප්තැම්බර් මාසෙ නිකුත් කරපු සඟරාවක් මට හමුවුණා. මෙහි තියෙන ජයන්ත චන්ද්‍රසිරි මහත්තයාගේ සම්මුඛ සාකච්ඡාවක කොටසක් උපුටා දක්වන්න මම කැමතියි. වත්මන් ටෙලි නාට්‍ය කලාව පිළිබඳ මට දීමට ඇත්තේ මෙවැනි පිළිතුරක්. රසඥතාව හීන කරන එක තැන පල් වෙන ටෙලි නාට්‍ය කලාවක්. ටෙලිනාට්‍ය නැමැති මාධ්‍ය අද වන විට ආයෝජකයන් අතට පත් වී හමාරයි. අශෝක හඳගම සුදත් දේවප්‍රිය ආරියරත්න ඇතුගල සුදත් මහදිවුල්වැව බර්ට්‍රම් නිහාල් වැනි අතලොස්සක් දෙනා හැරුණු විට ආයෝජකයන්ගේ කොන්දේසි වලට එරෙහිව කොන්දේසි පැනවිය හැකි ශක්තියක් නිර්මාණකරුවන් අත නැහැ. අද මගේ නිර්මාණ ප්‍රචාරය වෙද්දී කිසිදු ආයෝජකයෙක් කොන්දේසි පනවන්න ඉදිරිපත් වෙන්නේ නැහැ නමුත් ඔවුන්ට මා කොන්දේසි පනවනවා ඒ ශක්තිය මා හිමිකර ගත්තේ මගේ නිර්මාණයන් මගින්. අවුරුදු විසි ගානකට කලින් කතා කරපු අර්බුදය අද කොතනද තියෙන්නේ. සිනමාව වේදිකාව ට වඩා මිනිස්සුන්ට රූපවාහිනිය සමීප වෙලා. වෙනදනම් පැය භාගයක් තිබුන රූපවාහිනියේ ඒ තමයි නාට්‍ය පෙන්නන වෙලාව. අද වෙද්දී ඒ ක එතනින් ගොඩාක් එහාට ගිහිල්ලා. අද පැය දෙකේ නාට්‍ය බලන...
- Advertisement -spot_imgspot_img

Must Read

- Advertisement -spot_img