මාධ්‍යවේදියා - 06:06


English English සිංහල සිංහල

 

- Advertisement -spot_imgspot_img

ගෑස්

වසරක් සඳහා තායිලන්තයේ සියම් සමාගමෙන් ගෑස් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ගෑස් ‍මෙට්‍රික් ටොන් 01ක් වත්මන් ඕමාන සමාගමෙන් ලබාදෙන මිලට වඩා ඩොලර් 9ක් අඩුවෙන් මෙමගින් ලබාගත හැකියි.
අපි දැන් අන්ත අසරණයි ඉක්මණින් පැන්ෂන් එක හදලා දෙන්න උතුරු නැගෙනහිර ක‍්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී කුරිරු ත‍්‍රස්ත‍්‍රවාදීන්ගේ මෝටාර් ප‍්‍රහාරයකට ලක්ව වෛද්‍ය හේතූන් මත නිවසට පැමිණ සිටියදී ඉකුත් 2021 අගෝස්තු මස 23 දා අලූයම් කාලයේ ගෑස් කාන්දුවීමෙන් හටගත් ගින්නෙන් දැඩි ලෙස පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මෙම රණවිරුවා මියගොස් තිබිණි. මෙසේ ඉතා අවාසනාවන්ත ලෙස මියගියේ කුසාල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 675, මහරතැන්න බටහිර මැද කොටස 26/ඒ, මහරතැන්න මැණික්හින්න ලිපිනයේ පදිංචිව සිටි මෙරගල්ගෙදර ලසන්ත රංජිත් කුමාර (33) යන අයෙකි. 2008 වර්ෂයේ ශී‍්‍ර ලංකා යුද හමුදාවට එක්ව ඇති ලසන්ත රංජිත් කුමාර මහතා 114, වැනි ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කොට ඇති අතර, ඕලූමඩුු ප‍්‍රදේශයේ කි‍්‍රයාන්විත රාජකාරියේ යෙදී සිටියදී 2009, ජනවාරි 23 වැනි දින මෙසේ තුවාල ලබා ඇත. දිවයින පුරා ගෑස් කාන්දුවීමෙන් සිදුවූ හානි සහ මරණ පිළිබඳව වැඩි අවධානයක් මාධ්‍යය මගින් සිදුකෙරුන ද මෙම මරණය සම්බන්ධයෙන් අවධානයක් නොවුණු හෙයින් ඒ පිළිබඳව මාධ්‍යයන් දැනුවත් කිරීම සඳහා එම පවුලේ ඥාතීන් පිරිසක් අපගෙන් කළ ඉල්ලීමකට අනුව ඉකුත් ඉකුත් 22 වැනි දින අප එම නිවෙස වෙත ගිය අතර එහිදි ගෑස් කාන්දුවීමෙන් සිදුවු මරණය පිළිබඳ වෛද්‍ය වාර්තාව ඇතුළු අනෙකුත් සාක්ෂි සටහන් ද දැක ගන්නට ලැබිණි. ඒ අනුව මිය ගිය අයගේ බිරිඳ වන රේණුකා දසනායක (30) මහත්මිය අප සමග මෙසේ පැවසුවාය. 2021.07.17 වන දින රෑ 9.00 ට විතර අපි නින්දට ගියා. මහත්තයාගේ අම්මා පාන්දර 1.00 විතර එළියට යන්නට හදල තියෙනවා. එහිදී අම්මා පුතා ගෑස් එක ලීක් වෙනවා කියලා මහත්තයට කතා කරල තියෙනවා. ඒ වෙලාවේ මහත්තයා කුස්සියට ගිහිල්ලා ලයිට් එක දාලා. ඒ ටික වෙලාවකින් ඩෝං ගහලා බෝම්බයක් ගහනවා වගේ විශාල ශබ්දයක් කුස්සියෙන් ඇහුණා. අපි එක පාරටම ඇහැරිලා ගිහින් බලනකොට මගේ රත්තරන් මහත්තයා කුස්සියේ ඇතුලේ පිචිචිලා වැටිල...
- Advertisement -spot_imgspot_img

Must Read

- Advertisement -spot_img