27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපිළිකා රෝගින් වෙනුවෙන් කෙස් දන් දුන් චාන්දි Hair donation for cancer...

පිළිකා රෝගින් වෙනුවෙන් කෙස් දන් දුන් චාන්දි Hair donation for cancer patients in sri lanka

Author(s): 
නලින් දිල්රුක්ෂ
 
පිළිකා රෝගයෙන් හිස කෙස් අහිමි වූවන් සඳහා කෙස් බද්ද කිරීම් දැන් සිදු කෙරෙනවා. බද්ද කරන්නට නම් නිරෝගී ප්‍රමිතියෙන් යුතු කෙස් තිබිය යුතුයි. මේ කෙස් ලබා ගන්නේ පරිත්‍යාගශීලීන් ගෙන්. විදෙස් රටවල නම් මේ කටයුත්ත සිදුකෙරුණට අපේ රටට ටිකක් අමුතු කටයුත්තක්.
ඒත් දැන් එම කාර්යයට මුල පුරලා තියනවා. අඟල් අටකට වඩා වැඩි දිගකින් යුතු  කෙස් කළඹක් ඔබට තිබේ නම් කෙස් දන් දෙන්න හැකියි . මේ දන් දීමෙන් කිසි සේත්ම ඔබ ට කෙස් අහිමි වන්නේ නෑ. ඔබේ රූපයට සරිලන සේ විලාසිතාවක් ඇතිවන ආකාරයට තමයි මේ පරිත්‍යාගය ලබාගන්නේ.
එහෙම කෙස් පරිත්‍යාග කළ කෙනෙක් තමයි චාන්දි, ඉතින් චාන්දි වගේ ඔබත් කැමතිනම් කෙස් දන්දී තවත් අයෙකුගේ සිතට අස්වැසිල්ලක් වෙන්න. මෙන්න ඒ අවස්ථාව ඔබටත් දැන් තියනවා.
මේ කාර්යය කරන්නේ රමනි ප්‍රනාන්දු රූපලාවන්‍යාගාර මගින්. ඔබට පුළුවන් වේලාවක් වෙන්කරගන ගිහින් මේ පරිත්‍යාගය කරන්න. විස්තර විඩියෝවේ.
විමසිම් 0112363211