― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමෙරිකාව තලෙයිබාන් ප්‍රහාර හෙළා දකියි

අමෙරිකාව තලෙයිබාන් ප්‍රහාර හෙළා දකියි

සිය හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගැනීමෙන් පසු එරට තලෙයිබාන් ත්‍රස්ත ක්‍රියාකාරකම් යළි හිස ඔසවා තිබීම පිළිබඳ අමෙරිකාව සහ ඇෆ්ගනිස්තානය අතර සාකච්ඡාවක් පවත්වා ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. එසේ වුවත් යුද අරගලයට මැදි වූ ඇෆ්ගනිස්තානයට නැවත හමුදාව පිටත් කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සූදානම් නැතැයි ද වාර්තා වේ.

ඇෆ්ගනිස්තානයේ ජනාධිපති අෂ්රෆ් ගානි අතර පසුගියදා වොෂින්ටන් නුවර පැවැති සාකච්ඡාවේදී අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටොනි බ්ලින්කන් ජනාධිපතිවරයාගේ තීරණය ඔහුට දැනුම් දී තිබේ. එසේ වුවත් දෙපාර්ශ්වය අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමටත්, අවශ්‍ය ඕනැම අවස්ථාවක සහාය ලබාදීමටත් අමෙරිකාව සූදානම් බව එම සාකච්ඡාවේදී අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා කියා තිබේ.

පසුගිය මාසයක කාලය ඇතුළත තලෙයිබාන් ත්‍රස්තවාදීන් ඇෆ්ගනිස්තානයේ ප්‍ර දේශ ගණනාවක බලය යළි තහවුරු කර ගත් අතර, ප්‍රහාර ගණනාවක් ද එල්ල කර තිබිණි. අමෙරිකාව මේ ප්‍රහාර හෙළා දකින බව ද රාජ්‍ය ලේකම් ඇන්ටෝනි බ්ලින්කන් ප්‍රකාශ කළේය.