27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැති-ඇමැතිවරුන්ට කොවිඩ් ආසාදනය වූයේ කෙසේ ද?

මැති-ඇමැතිවරුන්ට කොවිඩ් ආසාදනය වූයේ කෙසේ ද?

කොරෝනා පැතිරෙන්නේ උද්ඝෝෂකයන් නිසා නම් මැති ඇමැතිවරුන්ට කොරෝනා වයිරසය ආසාදනය වූයේ කෙසේ දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.

ආණ්ඩුවේ වසරක ශේෂපත්‍රය තුළ තිබෙන්නේ අසාර්ථකත්වය,නොහැකියාව,සහ ජන ජීවිත අනතුරට දැමීම පමණක් යැයි ද ඒ මහතා පැවසීය.

විපක්ෂ නායකයා වශයෙන් තමන් ගත් එන්නත කුමක්දැයි ආණ්ඩුවේ ඇතැමුන්ට ප්‍රශ්නයක් මතුව ඇති බවත්, ඒ කිසිවකුට තමන්ගේ නායකයන් ලබා ගත් එන්නත කුමක්දැයි, ගත්තේ කවදාදැයි අසන්නට ශක්තියක් නැති වීම පිළිබඳ කනගාටු වන බවත් ඔහු කීවේය.

හෙතෙම මේ අදහස් පළ කළේ තිස්සමහාරාම ප්‍රදේශයේ පෙරේදා (07) පැවති වැඩසටහනකට එක් වෙමිනි.

පහන් විජේසේකර