27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය සේවකයාගේ වැටුප කිසිදු කප්පාදුවකින් තොරව ගෙවනවා

රාජ්‍ය සේවකයාගේ වැටුප කිසිදු කප්පාදුවකින් තොරව ගෙවනවා

රාජ්‍ය ඇමැති ඩී. වී. චානක

රාජ්‍ය සේවකයා නිවෙසේ සිටියදී වුවත් ඔවුන්ගේ වැටුප කිසිදු කප්පාදුවක් නොකර ගෙවීමට රජය කටයුතු කළ බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය ඇමැති ඩී. වී. චානක මහතා පැවැසීය.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (07) මාතරදී පැවති රැස්වීමකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීය.

“ලෝකයම ව්‍යසනයකට මුහුණ දී සිටියදී කවුරුන් හෝ කුමන හෝ වරප්‍රසාදයක් බලාපොරොත්තු වන්නේ නම් එය මේ මොහොතේ ඉල්ලීම සාධාරණ නෑ. මෙරට ආර්ථිකය වර්ධනය කිරීමට අවශ්‍ය මුදල් ගලා එන සෑම අංශයක්ම මේ වන විට කඩා වැටීමට ලක්ව තිබෙනවා. එයින් ආදායමට වඩා වියදම වැඩි වී තිබෙනවා.

කො‍රෝනා ව්‍යසනයෙන් රට ගලවා ගැනීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දැවැන්ත වැඩ කොටසක් කරමින් සිටිනවා. එය සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේම සහාය දෙන ලෙස ඉල්ලා සිටිනවා. මේ ව්‍යසනය අප කවුරුත් බලාපොරොත්තු වු දෙයක් නොවේ. ඒ නිසා ඒ දේට අප කාටත් මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා. හැබැයි රටක් විදියට අප ඉතා සාර්ථක ලෙස මේ ව්‍යසනයට මුහුණ දෙමින් ඉන්නවා. ඒ නිසා මා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ අප මුලින්ම රට මුදා ගෙන පසුව අපේ අයිතිවාසිකම් දිනාගන්න කටයුතු කරමු කියලා.”

නුවන් කොඩිකාර