29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආණ්ඩුව දෙන කොවිඩ් තොරතුරු ගැන ජනතාවට විශ්වාසයක් නෑ

ආණ්ඩුව දෙන කොවිඩ් තොරතුරු ගැන ජනතාවට විශ්වාසයක් නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි

කොරෝනා වසංගතයත් එක්ක අද රට ඉතාමත් භයානක තත්ත්වයක තිබෙන්නේ. ජනතාව තමන්ගේ ජීවිතය ගැන විශ්වාසයක් නැතිව ඉන්නේ. ඩෙල්ටා ප්‍රභේදය ගැන ජනතාවට පැහැදිලි අවබෝධයක් නෑ. ආණ්ඩුව දෙන තොරතුරු ගැන අවිශ්වාසයක් තිබෙනවා. යැයි සමඟි ජල බලවේගයේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ හලාවත පැවති රැස්වීමකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

“අපි පැහැදිලිවම ආණ්ඩුවට කියනවා, සමඟි ජන බලවේගය හැටියට අපේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රමුඛත්වයෙන් ඔහුගේ උපදේශකත්වයෙන් ආණ්ඩුවට විරුද්ධව ගෙන ගිය උද්ඝෝෂණ මාලාව නතර කරනවා කියලා. ඒ නතර කරන්නේ රටේ තිබෙන ප්‍රශ්න අමතක කරන්න නොවෙයි. නැත්නම් ආණ්ඩුවට ඕන විදිහට වැඩ කරන්න නොවෙයි. අපි රටේ ජනතාවගේ ප්‍රශ්නවලට තනි තනිව උද්ඝෝෂණය කරන්න තමයි සූදානමින් ඉන්නේ. මේ රටේ ජනතාව වෙනුවෙන් තමයි, මේ කාරණා ටික මා ඉදිරිපත් කරන්නේ. මෙතැනදී මා පැහැදිලිව රටට වගේම ආණ්ඩුවට කියන්නේ, වහාම රටේ ප්‍රශ්න ටික විසඳන්න. කොරෝනාවලින් පීඩාවට පත් වෙලා ඉන්න ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට අනිවාර්යයෙන් රට වහන්න සිද්ධ වෙනවා.

ඒ නිසා ආණ්ඩුවට රට වහන්න කියලා කියනවා. ඒ වගේම කොරෝනා වයිරසයෙන් මිය යන ආසාදිතයන්ගේ සංඛ්‍යා ලේඛන නිවැරැදිව දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. තව ද රෝහල්වල තිබෙන පහසුකම් වැඩි කිරීමට වැඩපිළිවෙළක් හදන්න.”

ප්‍රසාද් පුර්ණමාල් – පුත්තලම දිසා සමුහ