― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුරු වැටුප්-කොතලාවල පනත ගැන ගැටලු විවෘතව සාකච්ඡා කර විසඳුම් දීමට පියවර ගන්න

ගුරු වැටුප්-කොතලාවල පනත ගැන ගැටලු විවෘතව සාකච්ඡා කර විසඳුම් දීමට පියවර ගන්න

හිටපු ඇමැති වජිර අබේවර්ධන

මාන්නය සහ අහංකාරකම පැත්තක දමා ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය සහ කොතලාවල විශ්වවිද්‍යාල පනත පිළිබඳව මතුව තිබෙන ගැටලු විවෘතව සාකච්ඡා කර ඒවාට විසඳුම් දීමට රජය වහා ක්‍රියා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා පැවැසීය.

හිටපු ඇමැතිවරයා මේ බව පැවැසුවේ ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (08) පැවති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ඇමැතිවරයා මෙසේ ද කීය.

“ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නයට විසඳුම් දී මාසිකව ඔවුන්ට ඩේටා සඳහා දීමනාවක් දිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය වී තිබෙනවා. කොතලාවල විශ්වවිද්‍යාල පනත සම්බන්ධ ගැටලුවට ද නිදහස් අධ්‍යාපනයට හානියක් නොවන පරිදි සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර රටට ගැළපෙන විසඳුමකට පැමිණිය යුතුයි.

මේ වයිරය ඇති කළේ වත්මන් රජය. උදාහරණයක් හැටියට ගත්තාම පාර්ලිමේන්තුව ඉදිරිපිටට විසිපස් දෙනෙක් වැනි පිරිසක් පැමිණ කොරෝනා නීතිරීතිවලට අනුගත වෙමින් විරෝධතා ව්‍යාපාරයක නිරත වුණා. නමුත් ඔවුන් කොරෝනා නීතිරීති කඩ කරමින් විරෝධතාවයේ නිරත වූ බව පවසා ඔවුන් අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කිරීම නිසා මේ ප්‍රශ්නය ඇති වුණා.

ඒ වගේම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධව මතුවී තිබෙන ගැටලු ද සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතුව තිබෙනවා. පාර්ලිමේන්තුවේ බොහෝ දේශපාලන පක්ෂ සිටිනවා. එහි නොමැති අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ ද මේ ගැටලු පිළිබඳව විවෘතව සාකච්ඡා කර නිදහස් අධ්‍යාපනයට හානියක් සිදු නොවන ආකාරයට මේ ගැටලු විසඳා ගත යුතුව තිබෙනවා.”

ශිරෝමි අබයසිංහ