― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsකොවිඩ් පාලනයත් සමඟ රට සංවර්ධනයට යටිතල පහසුකම් දියුණු කළ යුතුයි

කොවිඩ් පාලනයත් සමඟ රට සංවර්ධනයට යටිතල පහසුකම් දියුණු කළ යුතුයි

ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්

පවතින වසංගත තත්ත්වය සමනය වීමත් සමඟ රට සංවර්ධනය කරා ගෙන යෑමට යටිතල පහසුකම් සංවර්ධනය කර පැවතිය යුතු බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ දඹුල්ල, සළුඅපුල්ලන වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු අරඹමිනි.

මේ සංවර්ධන ව්‍යාපෘතියට වැය කරන මුදල මිලියන 5කි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

“අද මුළු ලෝකයම දරුණු වසංගත තත්ත්වයකට මුහුණ දී සිටිනවා. අපිත් මේ වන විට විශාල අවදානමකට මුහුණ දී සිටිනවා. ලෝකයේ දියුණුම රටවල් පවා මේ වසංගත තත්ත්වය තුළ අසරණ වෙලා. අපි රටක් විදියට තවමත් ශක්තිමත්ව මේ තත්ත්වයට මුහුණ දෙමින් ඉන්නවා. අපිව විවේචනය කරන සමහර දේශපාලන පක්ෂ පසුගිය කාලයේ මේ රටට කළ දේවල් අමතක කරන්න බෑ. මහ දවල් මහ බැංකු මංකොල්ල කෑ අය, බස් ට්‍රාන්ස්පෝමර් ගිනි තියපු අය අද අපිව ෆේල් කරන්න උත්සාහ දරනවා. බොර දියේ මාළු බාන මේ උදවිය අද උද්ඝෝෂණවලට උල්පන්දම් දෙමින් රජය සාර්ථකව කරගෙන යන එන්නත්කරණ වැඩසටහන අසාර්ථක කරන්න උත්සාහ දරනවා.

මේ කවර තත්ත්වයක් පැවතියත් රට සංවර්ධනය කරන කටයුත්ත ආ පස්සට දාන්න බෑ. යටිතල පහසුකම් ටික, සේවා සැපයුම් අංශ මේ සියල්ල කාර්යක්ෂම කිරීමේ වුවමනාව අපට තිබෙනවා. ඒ නිසයි, මේ සංවර්ධන කටයුතු සිදු කරන්නේ. අද කරන මේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිඵල ලැබෙන්නේ තව වසර කිහිපයකින්.”

මහින්ද අලුත්ගෙදර