31.1 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමෙරිකාවේ දරුවන් අතර කොරෝනා ව්‍යාප්තියේ ඉහළ යාමක්

අමෙරිකාවේ දරුවන් අතර කොරෝනා ව්‍යාප්තියේ ඉහළ යාමක්

අමෙරිකාවේ දරුවන් අතර කොරෝනා වෛරස ව්‍යාප්තිය කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 
 
මේ හේතුවෙන් වයස 12 ට අඩු දරුවන්ට එන්නත් ලබාදීමට කඩිනමින් අනුමැතිය ලබා දෙන ලෙසයි විශේෂඥයන් එරට රජයෙන් ඉල්ලා සිටියි.
 
අමෙරිකානු ළමා රෝග පිළිබඳ ආයතනයේ නවතම වාර්තාවකට අනුව ඉකුත් සතියේ එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගෙන් සියයට 15 ක ප්‍රමාණයක් කුඩා දරුවන්ය. සංඛ්‍යාත්මකව එය 94,000ක් පමණ වන බව වාර්තාවේ.
 
ඉකුත් සති දෙක තුළ කුඩා දරුවන් අතර කොරෝනා ව්‍යාප්තිය 4% ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බවද වාර්තා වේ. 
 
එසේ වුවද බරපතල සංකූලතා හේතුවෙන් කුඩා දරුවන් රෝහල් ගත කිරීමේ සම්භාවිතාව ඉතාමත් අඩු මට්ටමක පවතින බව සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙයි. අමෙරිකාවේ ඩෙල්ටා වැනි ප්‍රභේද කුඩා දරුවන් අතර ශ්‍රීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කර තිබේ. 
 
එබැවින් වැඩිහිටි ජනගහනය පූර්ණ එන්නත් කරනයට ලක් කරනවා සේම කුඩා දරුවන් එන්නත් කරන ක්‍රියාවලියට යොමු කිරීම වැදගත් වෙන බව සෞඛ්‍ය අංශ පවසයි.