― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsටෝකියෝ ඔලිම්පික් - පැරාලිම්පික් ටිකට්පත් අලෙවියෙන් පාඩුව අ.ඩො. මිලියන 820ක්

ටෝකියෝ ඔලිම්පික් – පැරාලිම්පික් ටිකට්පත් අලෙවියෙන් පාඩුව අ.ඩො. මිලියන 820ක්

කොරෝනා වසංගතය මධ්‍යයේ අවසන් වූ ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළ හා පැරාලිම්පික් ක්‍රීඩා උලෙළ දෙකින්ම ඇස්තමේන්තුගත ප්‍රවේශ පත්‍ර ආදායමෙන් ඩොලර් මිලියන 82‍0ක් පමණ පාඩුවක් සිදු වූ බව සංවිධායකයෝ පවසති. ක්‍රීඩා උලෙළ දෙකේම පිරිවැය බොහෝ දුරට මූලික ඇස්තමේන්තුවලට වඩා වැඩි වන හෙයින් ජපානයේ බදු ගෙවන්නන්ට මෙහි බර අවසානයේ දැරීමට සිදු වන බව ආර්ථික විශේෂඥයෝ පවසති.

කොරෝනා වසංගතය මධ්‍යයේ ඔලිම්පික් උළෙල ටෝකියෝ හී බොහෝ ස්ථානවල පැවැති අතර, ඒවා නරඹන්නන් නොමැති ක්‍රීඩාංගණ බවට පත්විය. එම දැවැන්ත ක්‍රීඩා සංකීර්ණ සඳහා ඉදිකිරීම් වියදම් වැඩිවීම හා ක්‍රීඩා උලෙළ දෙක වසරක් කල් දැමීමට සිදුවීම අමතර පිරිවැය ඉහළ යෑමට හේතුවක් වී ඇත.

2012 රියෝ ක්‍රීඩා උලෙළට ඩොලර් බිලියන 8.2ක් හා 2012 ලන්ඩන් ක්‍රීඩා උලෙළට ඩොලර් බිලියන 12.4ක් වැය වූ අතර, ඒවාට වඩා නොසිතූ ලෙස ටෝකියෝ ඔලිම්පික් වියදම වැඩිවූ අතර, එහි සම්පූර්ණ මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 15.4ක් බවට ගණන් බලා ඇත.

ඔලිම්පික් ක්‍රීඩා උලෙළ නරඹන්නන් නොමැතිව පැවැත්වුවද, මේ මස 24දා ආරම්භවන ටෝකියෝ පැරාලිම්පික් උලෙළ නරඹන්නන් නැතිව පැවැත්වීමට සංවිධායකයන් තවමත් තීරණය කර නැත. යම් හෙයකින් කොරෝනා තත්ත්වයේ යම් පාලනයක් ඇති වුවහොත් පැරාලිම්පික් උලෙළ නැරඹීම සදහා ජපන් වැසියන්ට අවස්ථාව උදා වේ. එසේ වුවහොත් ප්‍රවේශපත්‍රවල මිළ ඉහළ දමා පාඩුව අවම කරගත හැකි යැයි සංවිධායකයෝ අපේක්ෂා කරති.

කොරෝනා වයිරසයේ බරපතළ ඩෙල්ටා ප්‍රභේදය රට තුළ උත්සන්න වේ යැයි සැකයෙන් ඔලිම්පික් උලෙළ කාල සීමාවේ ටෝකියෝව සඳහා හදිසි නීතිය ජූලි 12 දින ප්‍රකාශයට පත් කෙරිණි. ඒ සමගම ටෝකියෝ නගරය අවට පදිංචි දහස් ගණන් පදිංචිකරුවන්ට තාවකාලිකව නිවාස අත්හැර ටෝකියෝ නගරයෙන් ඉවත්ව වෙනත් පළාතකට ගොස් පදිංචි වන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබු අතර, එයට ප්‍රතිචාර ලෙස වැසියන් නගරයෙන් ඉවතට ගොස් තිබිණි. ව්‍යාපාරික ප්‍රජාවගෙන් ද එවැනි ඉල්ලීම් කර තිබූ හෙයින් ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා උලෙළ නිමාවන තුරු ටෝකියෝ නගරය පාලු ස්වභාවයකට පත්ව තිබේ.

කෙසේ වුවද මෙලෙස ටෝකියෝ නගරයෙන් තාවකාලිකව ඉවත් වී වෙනත් පළාත්වලට ගොස් සිටින සියලු පදිංචිකරුවන්ට නිවාස කුලිය හා අමතර මාසික දීමනාවක් ගෙවීමට ජපන් රජය කටයුතු කොට ඇත. වෙනත් ප්‍රදේශයකින් නිවාසයක් කුලියට ගැනීමට හා දෛනික වියදම් ඒ මගින් පියවන අතර, ව්‍යාපාරවලින් දිනපතා ලැබෙන ආදායම ගණනය කොට එය රජයෙන් ගෙවීමට ද කටයුතු කොට ඇත.

ප්‍රින්ස් ගුණසේකර ජපානයේ

ටෝකියෝ නුවර සිට..