26.7 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇන්ඩෘ කුමරුට අපහරණ චෝදනා

ඇන්ඩෘ කුමරුට අපහරණ චෝදනා

තමා 17 හැවිරිදි වියෙහි සිටියදී යෝර්ක් ආදිපාද ඇන්ඩ්‍රෘ කුමරු සමඟ ලිංගිකව එක්වීම සඳහා තමා එක්සත් රාජධානියට රැගෙන ගිය බව පවසමින් අමෙරිකානු කාන්තාවක නිව්යෝර්ක් නුවර දී නඩුවක් පවරා ඇතැයි වාර්තා වේ. වර්ජිනියා ගුයිෆ්‍රී නමැති ඇය ලන්ඩන් සහ නිව්යෝර්වල දී තමා ලිංගික අපහරණයට ලක් වූ බවට චෝදනා එල්ල කළාය.

එසේ වුවත් බකිංහැම් මාලිගය මේ චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, නිව්යෝර්ක් නුවර ළමා වින්දිතයන්ගේ පනත යටතේ නඩු පැවැරීමේ අයිතියක් ඇයට ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් බකිංහැම් මාලිගය සඳහන් කර තිබේ.