28 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසිඩ්නි නුවර දෛනික ආසාදිත සංඛ්‍යාව ඉහළට

සිඩ්නි නුවර දෛනික ආසාදිත සංඛ්‍යාව ඉහළට

සංචාරණ සීමා සැප්තැම්බරය දක්වා දීර්ඝ කරයි

ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ජනප්‍රිය ප්‍රාන්තය වන නිව් සවුත්වේල්ස්හි කොවිඩ් සංචරණ සීමා තව දුරටත් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත. කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය ආරම්භ වූ පසුගිය වසරේ මුල් භාගයේ සිට මේ දක්වා එම ප්‍රාන්තයේ අගනුවර වන සිඩ්නි නුවරින් හඳුනාගත් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව පෙරේදා වාර්තා වීමෙන් පසු මේ තීරණය ගෙන ඇත. කොවිඩ් ව්‍යාප්තියෙන් වැඩිම හානියක් සිදුවී ඇති නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් පෙරේදා දිනයේ ආසාදිතයන් 356ක් වාර්තා වූ අතර ඒ සියලු ආසාදිතයන් සම්පූර්ණයෙන්ම සිඩ්නි නුවරවාසීන් වීම කැපී පෙනුණි. මීට අමතරව කොවිඩ් මරණ 4ක් ද වාර්තා වී තිබේ.

එරට සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදය පාලනය කිරීමට ඔස්ට්‍රේලියාව මෙතෙක් අසමත්ව සිටින අතර, ඉන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ සිඩ්නි නුවරට බව වාර්තා වේ. නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් සංචරණ සීමා මේ මස 28 වැනිදා ඉවත් කිරීමට කළින් තීරණය කර තිබුණත් ප්‍රාන්ත රජය පවසන්නේ සැප්තැම්බර් වන තුරු දිගටම සංචාරණ සීමා නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවය. සිඩ්නි නුවරට අමතරව ඔස්ට්‍රේලියාවේ තවත් ප්‍රධාන නගර රැසක් මේ වනවිට සංචාරණ සීමා පැනවීම නිසා හුදෙකලා තත්ත්වයකට පත් වී ඇත.

මේ වසර අවසන් වන විට එරට අවුරුදු 16ට වැඩි සියලු පුද්ගලයන් කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක් කරන බවට අගමැති ස්කොට් මොරිසන් ප්‍රකාශ කර ඇත.