― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඔස්ට්‍රේලියාව පැරද වූ ඉතාලියේ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවෝ

ඔස්ට්‍රේලියාව පැරද වූ ඉතාලියේ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවෝ

ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත ක්‍රිකට් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් අතර මේ දිනවල පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගමාලාවේ පළමු තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉතාලි පිල සමත් විය.

තරග 5කින් සමන්විත මේ තරගාවලිය ඉතාලි කාන්තා ක්‍රිකට් කණ්ඩායම අන්තර්ජාතික විස්සයි20 තරග බිමේ ක්‍රීඩා කරන පළමු අවස්ථාව ද වේ.

සිය පළමු තරගයම ජයග්‍රහණයකින් නිමා කිරීමට ඉතාලි කණ්ඩායමට විශිෂ්ට දායකත්වයක් දුන් නායිකා කුමුදු පෙඩ්‍රික් ඉනිම ආරම්භ කරමින් නොදැවී ලකුණු 47ක් රැස් කිරීමට සමත් වූවාය. කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නිය ද වන ඇය සිය ඕවර 4දී ලකුණු 21ක් පමණක් දී එක් කඩුල්ලක් දවාලීමට ද සමත් වූවාය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් සංචාරක ඔස්ට්‍රේලියා කාන්තා පිල ඕවර 20 අවසානයේ කඩුලු 3කට ලකුණු 107ක් රැස් කළ අතර, ඉතාලි පිල ජයග්‍රහණය සපුරා ගත්තේ ඕවර 16.1කදී කඩුලු 2ක් පමණක් අහිමි කර ගනිමිනි.

ඔස්ට්‍රේලියා ඉනිමෙන් එක් කඩුල්ල බැගින් උදුරා ගැනීමට කුමුදුට අමතරව ඩිෂානි සමරවික්‍රම සහ සෙව්මිණි කනකගේ සමත්වූහ.

ලකුණු 108ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි නායිකා කුමුදු පන්දු 47කදී හතරේ පහර 6කින් සහ හයේ පහරකින් සිය ඉනිම වර්ණවත් කළාය. අංක 4 ස්ථානයේ ක්‍රීඩා කළ ඩිෂානි සමරවික්‍රම ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වූයේ ලකුණු 16ක් ලබා සිටියදීය. අනතුරුව කුමුදුට අනගි සහ­ායක් දුන් ටෙෂානි අරලියා හතරේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 20ක් වාර්තා කළාය.

නායිකා කුමුදු පෙඩ්‍රික් සමඟ ඩිලේෂා නානායක්කාර, ෂැරොන් විතානගේ, ඩිෂානි සමරවික්‍රම, ටෙෂානි අරලියා, ගයාත්‍රි බටගොඩ, ඩයනා සමරසිංහ, නිරෝෂ්ණි දිමින්ගුවරිගේ, රෂ්මි අත්තිඩි, සෙව්මිණී කනකගේ සහ සඳලී මල්වත්ත ඉතාලි කණ්ඩායම නියෝජනය කළහ.

 ෆවුස් මොහොමඩ්