‘ෆිට්නස් ෆේල්’ 8ක් තරගාවලියට නෑ
ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි20 තරගාවලියට සහභාගි වීමට නියමිතව සිටි ක්‍රීඩකයන් 8 දෙනකුට ශාරිරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වී ඇත. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව ප්‍රකාශ කළේය.
සඳුන් වීරක්කොඩි සහ ජෙහාන් ඩැනියෙල් (රෙඩ්ස් පිල), සංගීත් කුරේ සහ කොෂාන් ජයවික්‍රම (ග්‍රේස් පිල), ළහිරු ගමගේ සහ ලසිත් ඇඹුල්දෙණිය (ග්‍රීන්ස් පිල) සහ අෂාන් රන්දික (බ්ලූස් පිල) ඒ අතර වෙති.
මීට අමතරව කොවිඩ් ආසාදනය වීමෙන් බ්ලූස් පිලේ සචිඳු කොළඹගේ, රෙඩ්ස් පිලේ නිමේෂ් විමුක්ති සහ මොහොමඩ් ශිරාස් තරගාවලියෙන් ඉවත් වී සිටිති.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද (12) මහනුවර පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ඇරඹේ. මේ තරගාවලිය පැවැත්වෙන්නේ එළැඹෙන දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සහ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙසටය. තරගාවලිය ආරම්භ කරමින් දසුන් ශානක මෙහෙයවන ග්‍රේස් කණ්ඩායම සහ අශාන් ප්‍රියංජනගේ නායකත්වයෙන් යුතු ග්‍රීන්ස් කණ්ඩායම අද පස්වරු 2.30ට පළමු තරගයට එක්වෙයි.
කණ්ඩායම් 4ක් යටතේ ජාතික සහ පළමු පෙළ නියෝජනය කරන ක්‍රීඩකයන් 72ක් එක් වන තරගාවලිය 24 වැනිදා නිමා වට පත්වීමට නියමිතය.
නිල් (Blues), රතු (Reds), කොළ (Greens) සහ අළු (Greys) ලෙස නම් කර ඇති කණ්ඩායම්වල නායකයන් ලෙස පිළිවෙළින් ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, අශාන් ප්‍රියංජන් සහ දසුන් ශානක කටයුතු කරති.
මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග 6කට ක්‍රීඩා කරන අතර, ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් 2 අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත. තරග පැවැත්වෙන සෑම දිනකම ප.ව. 2.30ට පළමු තරගයත්, රාත්‍රී 7.00ට දෙවැනි තරගයත් ආරම්භ වනු ඇත.
තරගාවලියට එක්වන කණ්ඩායම් මෙසේය.
බ්ලූස් සංචිතය – ධනංජය ද සිල්වා (නායක), ඇන්ජෙලෝ පෙරේරා (උප නායක), නිෂාන් මදුෂ්ක, අශේන් බණ්ඩාර, සහන් ආරච්චිගේ, සුරංග ලක්මාල්, ප්‍රවීන් ජයවික්‍රම, සදීර සමරවික්‍රම, ළහිරු සමරකෝන්, කලණ පෙරේරා, මහේෂ් තීක්ෂණ, පවන් රත්නායක, ධනංජය ලක්ෂාන්, ඩිල්ෂාන් මධුශංක, ශිරාන් ප්‍රනාන්දු.
ග්‍රීන්ස් සංචිතය – අශාන් ප්‍රියංජන් (නායක), කමිඳු මෙන්ඩිස් (උප නායක), ළහිරු උදාර, , රමේෂ් මෙන්ඩිස්, ළහිරු කුමාර, මහේල උඩවත්ත, පැතුම් නිශ්ශංක, සුමින්ද ලක්ෂාන්, විශ්ව ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, ක්‍රිෂාන් සංජුල, සමින්ද ප්‍රනාන්දු, ශම්මු අශාන්, ඉෂාන් ජයරත්න, නුවන් තුෂාර.
රෙඩ්ස් සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක), අවිශ්ක ප්‍රනාන්දු (උප නායක), අසේල ගුණරත්න, සීක්කුගේ ප්‍රසන්න, බිනුර ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය, නිපුන් ධනංජය, ඕෂධ ප්‍රනාන්දු, ලසිත් අබේරත්න, චාමික කරුණාරත්න, අකිල ධනංජය, මුදිත ලක්ෂාන්, අසිත ප්‍රනාන්දු, සන්තුෂ් ගුණතිලක, හිමේෂ් රත්නායක.
ග්‍රේස් සංචිතය – දසුන් ශානක (නායක), චරිත් අසලංක (උප නායක), මිනෝද් භානුක, නුවනිඳු ප්‍රනාන්දු, චතුරංග ද සිල්වා, උදිත් මදුෂාන්, පුලින තරංග, ලසිත් කෘස්පුල්ලේ, භානුක රාජපක්ෂ, හිමාෂ ලියනගේ, කමිල් මිෂාර, ළහිරු මධුෂංක, නුවන් ප්‍රදීප්, අශෙන් ඩැනියෙල්, මිලින්ද සිරිවර්ධන, චාමික ගුණසේකර, මතීෂ පතිරණ.
තරග කාලසටහන
අද ග්‍රේස් – ග්‍රීන්ස් (ප.ව.2. 30), බ්ලූස් – රෙඩ්ස් (ප.ව. 7.00)
14 දා රෙඩ්ස් – ග්‍රේස් (ප.ව.2. 30), බ්ලූස් – ග්‍රීන්ස් (ප.ව. 7.00)
16 දා රෙඩ්ස් – ග්‍රීන්ස් (ප.ව.2. 30), බ්ලූස් – ග්‍රේස් (ප.ව. 7.00)
18 දා රෙඩ්ස් – බ්ලූස් (ප.ව.2. 30), ග්‍රීන්ස් – ග්‍රේස් (ප.ව. 7.00)
20 දා ග්‍රීන්ස් – බ්ලූස් (ප.ව.2. 30), ග්‍රේස් – රෙඩ්ස් (ප.ව. 7.00)
22 දා ග්‍රේස් – බ්ලූස් (ප.ව.2. 30), ග්‍රීන්ස් – රෙඩ්ස් (ප.ව. 7.00)
24 දා අවසන් මහා තරගය (ප.ව. 7.00)


