පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න
ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්දය දවසේ උදේ කිවුවේ ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න, මගේ යුතුකම මම ඉටු කරන්නම් කියලා. ඒත් ජනපති වූ ඔහු මෙතෙක් ජනතාවට යුතුකම් ඉටු කර නෑ. යනුවෙන් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ විපක්ෂ නායක කාර්යාලයේ පෙරේදා (16) පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.
“කොරෝනා තත්ත්වය ගැන අන්තර්ජාතික වාර්තා අනුව බලද්දී භයානක තැනක අපේ රට තිබෙන්නේ. ලෝක බැංකුවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එකතු වෙලා කොරෝනා වයිරසය පිළිබඳ වාර්තාවක් සකස් කර තිබෙනවා. ඒ අනුව ප්‍රතිශතයක් වශයෙන් බලන විට අප ඉන්නේ භයානකම ස්ථානයක බව සඳහන් වෙනවා. රෝගීන් වැඩි වීම අතින් බැලුවත් ශ්‍රී ලංකාව තිබෙන්නේ පළමු වෙනි ස්ථානයේ. මරණ සිදුවීමේ වේගයත් වැඩිම රට අපේ රට. ඒ වගේම මෙරට මරණ මිලියනයකට 5.73ක් මිය යන බව අමෙරිකාවේ විශ්වවිද්‍යාල වාර්තාවක් සකස් කර තිබෙනවා. මේ රජය අද දත්ත පවා වෙනස් කරමින් ව්‍යසනය යට ගසන්න හදනවා.
අද අපේ රටේ වාර්තා වෙන්නේ ඉන්දියාවේ උච්චතම අවස්ථාවේ තිබූ තත්ත්වයටත් වඩා ඉහළ භයානක තත්ත්වයක. ඇඳිරි නීතිය නොදැම්මොත් තවත් මරණ 1200 වැඩිපුර සිදු වන බව වෛද්‍යවරුන් කියනවා.
අපේ රටේ මීට පෙර ලොක්ඩවුන් කළ ආකාරය වැරදියි. කළ යුත්තේ අත්‍යවශ්‍ය සේවා ස්ථාන විවෘතව තබා අනෙකුත් සියල්ල වසා දැමීම. නමුත් අපේ රටේ කළේ ඇඳිරි නීතිය පැනවීම. මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතාත් මේ වයිරසය පිළිබඳව විශේෂ වාර්තාවක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ සංචාරණ සීමා පැනවීමක් සිදු කරන්නේ නම් ඉදිරියේදී සිදු වන මරණ බොහොමයක් ආරක්ෂා කරගැනීමට හැකි බවයි. අද සිදු වෙලා තිබෙන්නේ සෞභාග්‍යයේ දැක්මක් උදා කරන්න ඇවිත් මිනිසුන්ට ජීවිතවලින් වන්දි ගෙවන්න වීමයි.”
භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්