28.4 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකෙටිකාලීන හුදෙකලා කිරීම් මගින් කොවිඩ් පාලනය වන්නේ නෑ

කෙටිකාලීන හුදෙකලා කිරීම් මගින් කොවිඩ් පාලනය වන්නේ නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

වෛද්‍ය විශේෂඥයන්ගේ සහ සිවිල් ජනතා සංවිධානවල මතයට ඇහුම්කන්දී වහාම රට වසා දැමීමේ ක්‍රියාදාමයකට අවතීර්ණ වන ලෙස ආණ්ඩුවට බලකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ, ඊයේ (20) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා මෙසේද පැවසීය.

වයිරසය ප්‍රචාරණය වන චක්‍රය බිඳ දැමීමට නම් හුදෙකලා කිරීම් සති 2 ක කාලසීමාවක් කළ යුතුයි. එය ඉතා පැහැදිලියි. ඊට අඩු කාලයක් හුදෙකලා කිරීම මඟින් ප්‍රතිඵලයක් ලබා දෙන්නේ නැහැ.එම කෙටි කාලය අවසන් වූ පසු පුද්ගලයන් බොහෝ ගණනක් නැවතත් පෙර ලෙසම වයිරසය ප්‍රචාරණය කරනු ලබනවා. මෙලෙස සිදු කරන ලබන සම්පූර්ණ හුදෙකලා කිරීම මඟින් ඉතා ඉහළ ආර්ථික මිලක් ඇති කර දෙන බව පැහැදිලියි. ප්‍රතිඵලයක් නැති සංවේගය මත පදනම් වු හුදෙකලා කිරීම් මඟින් සිදු වෙන්නේ එම ආර්ථික මිල නිසා ලැබෙන පාඩුව පමණයි.

රට වසා තැබෙන කාල වකවානුවේ ජනතාවට අවශ්‍ය කරන ආහාර පාන ආදී මුලික අවශ්‍යතා සපුරා ලීම සඳහා භාණ්ඩ හා සේවා බෙදා හැරීම පිළිබඳ කාර්යක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුයි.

 

ක්‍රිසන්ති විතාරණ