ඇෆ්ගනිස්තානයේ නව ක්‍රිකට් සභාපති ලෙස අසීසුල්ලා ෆස්ලි පත් කර ඇතැයි වාර්තා වේ. තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්කර ගැනීමෙන් පසු එරට ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ සිදු කළ පළමු වෙනස්කම එය වේ.
මීට පෙර 2018 වසරේ සිට 2019 දක්වා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති ෆස්ලි නව සභාපති ලෙස යළි පත්කර ඇත්තේ තලෙයිබාන් සංවිධානය සහ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් සංගමයේ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවකින් පසුය.