28.4 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආරාධිත විස්සයි20 ඉහළම දස්කම් දසුන්ගෙන් හිමේෂ්ගෙන්

ආරාධිත විස්සයි20 ඉහළම දස්කම් දසුන්ගෙන් හිමේෂ්ගෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ ආරාධිත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය නිමාවට පත් වූයේ ග්‍රේස් කණ්ඩායමට ශූරතාව අත් කර දෙමිනි.

කණ්ඩායම් 4ක් එක් වූ මේ තරගාවලියේදී කැපී පෙනෙන පිතිකරුවකු බවට බවට පත් වෙමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ද වූ දසුන් ශානක සිය කණ්ඩායම ශූරතාව කරා ගෙන ගියේ අපරාජිතවම වීම ව්ශේෂත්වයකි.

තරග 6කදී අර්ධ ශතක 2ක්ද සමඟ ලකුණු 258ක් රැස් කිරීමට දසුන් සමත් වූ අතර, ග්‍රීන්ස් පිලට එරෙහිව පන්දු 22 අර්ධ ශතකයකුත්, අවසන් තරගයේදී පන්දු 17කින් නොදැවී ලකුණු 48ක් රැස් කිරීමත් කැපී පෙනිණි.

පිතිකරුවන් අතර දෙවැනි තැනට පත් වූ කමිඳු මෙන්ඩිස් (ග්‍රීන්ස්) ලකුණු 193ක් රැස් කළ අතර, එය තරග 3කදී අර්ධ ශතක 3කින් රැස් කිරීම විශේෂත්වයකි. රෙඩ්ස් පිලේ නායක දිනේෂ් චන්දිමාල් තරග 6කදී ලකුණු 183ක් රැස් කරමින් තෙවැනි තැනට පත් විය.

මේ තරගාවලියේදී පන්දු යවන්නකු දවාගත් වැඩිම කඩුලු සංඛ්‍යාව 7ක් වූ අතර, එහි ඉහළම දස්කම රෙඩ්ස් කණ්ඩායමේ හිමේෂ් රාමනායක පෙන්වා තිබිණි.

තවමත් අන්තර්ජාතික තරග වරම් දිනා නැති 23 හැවිරිදි හිමේෂ් තරග 4කදී කඩුලු 7ක් බිඳ දැම්මේ ලකුණු 90කටය. ඔහු බ්ලූස් පිලට එරෙහිව ලකුණු 31කට කඩුලු 4ක් දවා ගැනීම මේ තරගාවලියේ පන්දු යවන්නකුගේ ඉහළම දක්ෂතාව ලෙස ද සටහන් විය.

නුවන් ප්‍රදීප් (ග්‍රේස්), පුලින තරංග (ග්‍රේස්) සහ සීක්කුගේ ප්‍රසන්න (රෙඩ්ස්) ද කඩුලු 7 බැගින් බිඳ දැමූහ.

වැඩිම කඩුලු ලාභීහු දසදෙනා මෙසේය:

දසුන් ශානක (ග්‍රේස්) – 258, කමිඳු මෙන්ඩිස් (ග්‍රීන්ස්) – 193, දිනේෂ් චන්දිමාල් (රෙඩ්ස්) – 183, පැතුම් නිශ්ශංක (ග්‍රීන්ස්) – 167, සදීර සමරවික්‍රම (බ්ලූස්) -155, අවිශ්ක ප්‍රනාන්දු (රෙඩ්ස්) – 154, ධනංජය ලක්ෂාන් (බ්ලූස්) – 136, ඕෂධ ප්‍රනාන්දු (රෙඩ්ස්) – 131, චරිත් අසලංක (ග්‍රේස්) – 120, අශේන් බණ්ඩාර (බ්ලූස්) – 112.

වැඩිම කඩුලු ලාභීහු 10:

හිමේෂ් රාමනායක (රෙඩ්ස්) – 90/7, නුවන් ප්‍රදීප් (ග්‍රේස්) – 123/7, පුලින තරංග (ග්‍රේස්) – 134/7, සීක්කුගේ ප්‍රසන්න (රෙඩ්ස්) – 141/7, අශේන් ඩැනියෙල් (ග්‍රේස්) – 93/5, චාමික කරුණාරත්න (රෙඩ්ස්) – 124/5, අකිල ධනංජය (රෙඩ්ස්) – 140/5, මහේෂ් තීක්ෂණ (බ්ලූස්) – 90/4, ලක්ෂාන් සඳකැන් (ග්‍රීන්ස්) – 110/4, චතුරංග ද සිල්වා (ග්‍රේස්) – 121/4.

 

නිරෝෂාන් ප්‍රියංකර