26.7 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාබුල් ගුවන්තොටට අයිඑස් තර්ජනයක් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්

කාබුල් ගුවන්තොටට අයිඑස් තර්ජනයක් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්

ඇෆ්ගනිස්තානයෙන් අමෙරිකානු හමුදා ඉවත් කරගැනීමට ඇති අවසාන කාලය ඉතා වේගයෙන් ළං වෙමින් පවතිද්දී තවත් අමෙරිකානුවන් 1,500කට ආසන්න පිරිසක් එරටින් මුදා ගැනීමට ඇති බවත්, රටෙන් පිටවීමට කාබුල් ගුවන්තොටුපළේ රැඳී සිටින පිරිස් ඉලක්ක කරගෙන අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක් එල්ල වීමට අවධානමක් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට කාබුල් නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රැඳී සිටින පිරිසෙන් 82,000කට වැඩි පිරිසක් ඉවත් කරවාගෙන තිබේ. ඊයේ උදෑසන වන විට කාබුල් නුවර රැඳී සිටින අමෙරිකානුවන්ට එම ගුවන්තොටුපළේ දොරටු කිහිපයක් නම් කර ඒ තැන්වලින් වහා පැමිණෙන ලෙස කාබුල් නුවර අමෙරිකානු තානාපති නිලධාරීන් දැනුම් දී තිබේ. මේ දැනුම් දීම සිදුකර ඇත්තේ ගුවන්තොටුපළ පිටත රැඳී සිටින පිරිස් වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් සැලසුම්කර ඇති බව දැනගැනීමත් සමඟ ය.

අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවිය යුතු අවසන් දිනය මේ මස 31 වන අතර, කිසිදු හේතුවකට එම කාලය දීර්ඝ නොකරන බව තලෙයිබාන් සංවිධානය තරයේම කියා ඇත. එමෙන්ම ඇෆ්ගනිස්තානයෙන් පලා යෑමේ බලාපොරොත්තුවෙන් කාබුල් නුවර ගුවන්තොටුපොලට පැමිණෙන දහස් ගණනාවක ඇෆ්ගනිස්තාන ජනතාව වහාම ආපසු සිය නිවෙස් කරා පිටත් විය යුතු බවට ද නියෝග කර ඇත. ඉන් නොනැවතී ගුවන්තොටුපොලට පැමිණෙන මාර්ග වසා දැමීමටත් තලෙයිබාන් සංවිධානය කටයුතු කර තිබේ. මින් ඉදිරියට රටින් පිටවීමට අවසර ඇත්තේ විදේශිකයන්ට පමණක් බව තලෙයිබාන් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක පසුගිය අඟහරුවාදා කියා සිටියේය.