24 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාබුල් ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය ගණන 60ක් දක්වා ඉහළට - 13ක් අමෙරිකා...

කාබුල් ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය ගණන 60ක් දක්වා ඉහළට – 13ක් අමෙරිකා සොල්දාදුවන්

ඇෆ්ගනිස්තානයේ කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රදේශයට එල්ලකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 60 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. 

ඒ අතරින් 13 දෙනෙකු අමෙරිකානු හමුදාවට අයත් බව වාර්තා වේ.  

ද්විත්ව බෝම්බ ප්‍රහාරය අතරින් ගුවන් තොටුපොළ පරිශ්‍රයේ ඒබේ දොරටුව අසල එක් බෝම්බයක් පුපුරා ගිය අතර එය ඇමරිකානු හමුදාව ස්ථානගත කර තිබූ තැනක් බව සඳහන්වේ. එම ස්ථානය ඉලක්ක කරගෙනම මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැර ඇති බව මේ අනුව සනාථ වේ. 
 
තුවාළ ලත් සංඛ්‍යාව 140කට අධික ය. 
 
ප්‍රහාර එල්ල වන අවස්ථාවේදී 500 කට ආසන්න පිරිසක් ගුවන්තොටුපොළ තුළ ඉතිරිව සිටි අතර, සෙසු අය ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අනතුරු ඇඟවූ පසුව ඉවත් කර තිබිණි. 
 
මෙය, ISIS-K ත්‍රස්ත කල්ලියේ ප්‍රහාරයක් බවට දැඩි අනුමානයක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.