25 C
Colombo
Tuesday, February 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජපානය මොඩර්නා එන්නත් මිලියන 1.63ක් අත්හිටුවයි

ජපානය මොඩර්නා එන්නත් මිලියන 1.63ක් අත්හිටුවයි

ඇතැම් කුප්පිවල අපවිත්‍රකාරක අඩංගුව තිබූ බවට බෙදාහරින්නන් විසින් ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවක් සැලකිල්ලට ගනිමින් මොඩර්නා එන්නත් මිලියන 1.63ක් භාවිතයෙන් ඉවත් කිරීමට ජපාන රජය තීරණය කළේය.ජපානයේ මොඩර්නා කොවිඩ් මර්දන එන්නත බෙදාහරිනු ලබන ටකෝඩා ෆාමකියුටිකල් සමාගම රජයට දන්වා සිටියේ විවෘත නොකරන ලද ඇතැම් කුප්පිවල අපවිත්‍රකාරක අඩංගුව ඇතැයි වාර්තාවක් ලැබී ඇති බවය.

පසුව ජපානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත එම එන්නත් තොගය භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය වී ඇත. අදාළ සමාගම මේ පිළිබඳ මොඩර්නා එන්නත් නිෂ්පාදකයන් වෙත දන්වා ඇති අතර, කඩිනම් පරීක්ෂණයක් පවත්වන්නැයි ද ඉල්ලා තිබේ.