28.9 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජපානය මොඩර්නා එන්නත් මිලියන 1.63ක් අත්හිටුවයි

ජපානය මොඩර්නා එන්නත් මිලියන 1.63ක් අත්හිටුවයි

ඇතැම් කුප්පිවල අපවිත්‍රකාරක අඩංගුව තිබූ බවට බෙදාහරින්නන් විසින් ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවක් සැලකිල්ලට ගනිමින් මොඩර්නා එන්නත් මිලියන 1.63ක් භාවිතයෙන් ඉවත් කිරීමට ජපාන රජය තීරණය කළේය.ජපානයේ මොඩර්නා කොවිඩ් මර්දන එන්නත බෙදාහරිනු ලබන ටකෝඩා ෆාමකියුටිකල් සමාගම රජයට දන්වා සිටියේ විවෘත නොකරන ලද ඇතැම් කුප්පිවල අපවිත්‍රකාරක අඩංගුව ඇතැයි වාර්තාවක් ලැබී ඇති බවය.

පසුව ජපානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත එම එන්නත් තොගය භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය වී ඇත. අදාළ සමාගම මේ පිළිබඳ මොඩර්නා එන්නත් නිෂ්පාදකයන් වෙත දන්වා ඇති අතර, කඩිනම් පරීක්ෂණයක් පවත්වන්නැයි ද ඉල්ලා තිබේ.