28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිඩ්නි නුවර රෝහල් පිරිලා එළිමහනෙත් ටෙන්ට් ගසයි

සිඩ්නි නුවර රෝහල් පිරිලා එළිමහනෙත් ටෙන්ට් ගසයි

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය සිදු වූ පසුගිය වසරේ මාර්තුවේ සිට මේ දක්වා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තා විය. දින ගණනාවක් පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ආසාදිතයන් ඉහළ යෑම නිසා ඊයේ දිනයේදී පමණක් සිඩ්නි නුවරින් වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,029කි.

ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි නුවර ඩෙල්ටා ප්‍රභේදය අධික වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින නිසා එහි රෝහල් සියල්ල පිරී ගොස් ඇතැයි ද, රෝහල් භූමියේ එළිමහනේ පවා ටෙන්ට් ගැසීමට සිදු වී ඇතැයි ද වාර්තා වේ.

රෝ4හල්ගතව ප්‍රතිකාර ගන්නා පිරිසගෙන් 116 දෙනකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර, එම පිරිසෙන් 102ක්ම කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක ්නොවූ පුද්ගලයන් බව වාර්තා වේ.