28.4 C
Colombo
Monday, July 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකොවිඩ් ගැන නිතර නිතර කතා කර ජනතා සිත් තුළ මරණ බිය අැති...

කොවිඩ් ගැන නිතර නිතර කතා කර ජනතා සිත් තුළ මරණ බිය අැති කරන්න එපා

පා.ම. එස්.බී. දිසාන­ායක මාධ්‍යවේදීන්ගෙන් සහ දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටි

කොවිඩ් සම්බන්ධයෙන් ප්‍රකාශ සිදු කර ජනතා සිත් තුළ මරණ බිය ඇති වන ලෙස කටයුතු නොකරන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. බී. දිසාන­ායක මහතා මාධ්‍ය වේදීන්ගෙන් සහ දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා ඒ් බව කියා සිටියේය.

තවදුරටත් ඒ මහතා මෙසේද කියා සිටියේය.

‘‘කොව්ඩ් වසංගතය ලෝකයම වෙලාගෙන ඇති අවස්ථාවක අපේ රටත් භයානක ලෙස ඊට මුහුණ දී සිටිනවා. එම තත්ත්වය සම්බන්ධයෙන් සිදු කරනු ලබන ප්‍රකාශ වලදී මිනිස් සිත් තුළ මරණ බිය ඇති කරන ලෙස ප්‍රකාශ සිදු කළ යුතු නෑ.

ලෝකයේම මරණ වාර්තාවලට අනුව වැඩිම මරණ වාර්තා වී වන්නේ පිළිකා මරණවලින්. දුම්බීමෙන් මත්පැන් බීමෙන් දියවැඩියාවෙන් සිය දිවි නසා ගැනීමෙන් වැනි මරණ වැඩ සංඛාවක් වාර්තා වී තිබෙනවා. සංඛාලේඛන අනුව කොරෝනා මරණ වාර්තා වන්නේ හය වැනි නැත්නම් හත් වැනි ස්ථානයට වලටයි.

එමෙන්ම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගුප්තා, හාවඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මාටින් කුල්ඩොෆ් ඇතුළු මහාචාර්යවරුන් 600ක් කොවිඩ් සම්බන්ධයෙන් පෙත්සමක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ රට වසා දැමීමෙන් දරුවන් සහ පුද්ගලයන් සියදිවි නසා ගැනීම්වලට යොමු විය හැකි බවයි. මිනිසුන් තුළ මරණ බිය ඇති නොකරන ලෙසට එම පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

කොරෝනා වසංගය මුළු ලෝකයම වෙලා ගෙන තිබෙන අවස්ථාවක්. අපේ රට ඊට මුහුණ දෙන භයානකම අවස්ථාවට අපි අද මුහුණ දී තිබෙනවා. රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීම වගේම මරණ වාර්තා වීමත් වර්ධනය වී තිබෙනවා. ලෝකයේ රෝගය වැළදෙන අයගෙන් සියයට 2.3ක් අද වන විට මරණයට පත් වෙනවා. ලංකාවේ එය අද වනවිට 1.9ක් මරණයට පත් වනවා. ලෝකයේ ඇති වූ අනෙකුත් වසංගත දෙස බැලුවොත් ඒ වසංගත කෝවිඩ්වලට වඩා භයානකයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාහයට පත් කළ ලේඛනයකට අනුව අනෙක් වංසගත වලට සාපේක්ෂව මෙය අඩු මරණ අනුපාතයක්. අහඹු පරීක්ෂණ සිදු කළහොත් සියයට 30ක් 40ක් පොසිටිව් තත්ත්වයට පත් වෙනවා. ලෝකයේම සියයට 81ක් ඇගට පතට පවා නොදැනී මෙය සෑදී සුව වී යනවා. සියයට 14ට කුඩා වුණත් සුව වෙනවා. ඉතිරි සියයට 5ක් සඳහා අසාධ්‍ය තත්ත්වයක් ඇති වුවත් ඉන් සියයට 3ක් සුව වී යනවා. සිදු වු මරණවලින් සියයට 91ක් එන්නත නොගත් අය බව අද පෙරවරුවේ වෛද්‍ය විශේෂඥවරයෙක් වැඩසටහනකට එක් වෙමින් පැවැසුවා. අාණ්ඩුව ලෙස අපි ජනතාවගෙන් ඉල්ලන්නේ මේ එන්නතට ප්‍රමුඛත්වය දී ලබා ගන්න කියලයි. වයස අවුරුදු 60 ක් විතරක් නොවෙයි 30ට වැඩි අයට එන්නත දෙනවා. අපි හඟුරන්කෙත නම් පීරගෙන ගොස් සොයා බලා එන්නත ලබා දෙනවා. මේ එන්නත හේතුවෙන් මරණ සියයට 0.4ට අඩු කර ගන්න පුළුවන්. මුව ආවරණ පැළඳ දුරස්ථභාවය සුරකින්න. හැකි තරම් හුදකලාව ජීවත් වෙන්න. මම සියලුම දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටිනවා මිනිස් සිත් තුළ මරණ බිය ඇති කරන්න එපා කියලා. . මැරෙනවා කියලා හතුනොත් එය රෝගය වැඩිවීමට හේතු වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු පාර්ශ්ව හතරක් එකතු වී පසුගිය මැයි පළමු වැනි දා මරණ සිදු වන ආකාරය සම්බන්ධයෙන් සිදු කළ සමීක්ෂණයට අනුව වැඩිම මරණ සිදු ව ඇත්තේ පිළිකා රෝගයෙන්. 26283ක්. ඊට පසුව මිය ගොස් තිබෙන්නේ හදවත් රෝගයෙන් 24622ක්. දියවැඩියාව හේතුවෙන් 14300ක් මියගොස් තිබෙනවා. කොරෝනා මරණ 6406ක් වාර්තා වී තිබෙනවා. පිළිකාවට සැත්කම් සිදු කළ ද පාලනයට ඖෂධ ලබා දුන්නද තවමත් බෙහෙත් සොයා ගෙන නැහැ. 2021 මැයි ජුනි ජුලි මාස තුනේ රෝග වලින් මැරුණු වාර්තාවට අනුව පළමු ස්ථානයට වාර්තා වී තිබෙන්නේ පිළිකා මරණ. එම ආ එකොලොස් ලක්ෂ හැටහත්දාස් හත්සිය දාහතරක්. දුම්බීමෙන් මරණ අට ලක්ෂ දාසයදාස් හාරසිය අනූහතක්. මත්පැන් හේතුවෙන් පන්ලක්ෂ පනස් අට දාස් හාරසිය හැත්තෑ එකක්. ඊට පසුව දත්ත පෙන්වන්නේ මාර්ග අනතුරු වලින් මිය ගිය සංඛ්‍යාව. ඊළගට වාර්තා කර තිබෙන්නේ සියදිවි හානි කිරීම්. හයට වාර්තා වන්නේ මැලේරියාවෙන් මිය ගිය ගණන්. අපේ රට සම්පූර්ණයෙන්ම මැලේරියා පාලනය කර තිබෙනවා. ඊට පසු තමයි කොරෝනා මරණ වාර්තා වන්නේ .මෙය තමයි ලෝක තත්ත්වය.’’

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මධුර විතානගේ, ජයන්ත වීරසිංහ යන මන්ත්‍රිවරුන්ද මෙහිදී අදහස් දැක්වූහ.

සුභාෂිණී සේනානායක