― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුරු වැටුප් විසමතාව ඉවත් කරන්න අප ගෙනා යෝජනා ආණ්ඩුව අද ගෙනත් තිබෙනවා

ගුරු වැටුප් විසමතාව ඉවත් කරන්න අප ගෙනා යෝජනා ආණ්ඩුව අද ගෙනත් තිබෙනවා

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්

යහපාලන ආණ්ඩුව අනුමත කර ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ගුරු වැටුප් විසමතාව ඉවත් කිරීමේ යෝජනාව ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් නොකර අද

ආණ්ඩුව කැබිනට් අනු කමිටු වාර්තාවක් ලෙස ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පැවසීය.

මාධ්‍ය වෙත ඊයේ (27) අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කෙළේය. තවදුරටත් රංගේබණ්ඩාර මහතා මෙසේද පැවසීය.

ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය ඉවත් කිරීම පිළිබඳ යෝජනාවක් 2019 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. එම යෝජනාව කැබිනට්

මණ්ඩලය අනුමත කළා. වැටුප් කොමිසම අනුමත කළා. වෘත්තිය සමිති සියල්ලම

එකඟ වුණා. ඊළඟ අයවැයට ඉදිරිපත් කර ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය ඉවත් කිරීමට පමණයි ඉතිරිව තිබුණේ. ආණ්ඩුව වෙනස් කිරීම නිසා එය ක්‍රියාත්මක කිරීමට බැරි වුණා.

එම යෝජනාවම ඉස්පිල්ලක් පාපිල්ලක් නොවෙනස්ව මෙවර කැබිනට් අනුකමිටු වාර්තාව ඉදිරිපත් කර ඇති බව දැන ගැනීමට තිබෙනවා. පසුගිය 23 වැනි දා පැවති කැබිනට් රැස්වීමේදී 21/1415/302/023 අංකයෙන් එදිනම 26 වැනි කැබිනට් පත්‍රිකාව ලෙස ඉදිරිපත් කර තිබෙනවා. අප ඉදිරිපත් කළ යෝජනාව අනුව වැටුප් විෂමතාවය එකවර ගෙවීමට සැලසුම් කර තිබුණත් මොවුන්ගේ යෝජනාව අනුව කොටස් වශයෙන් ගෙවීමට සැලසුම් කර තිබෙනවා.

ශිරෝමි අබයසිංහ