27.2 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉසුරුගෙන් සුපිරි පන්දු යැවීමක්

ඉසුරුගෙන් සුපිරි පන්දු යැවීමක්

විස්සයි20 තරග බිමේ සිය හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන සමත් විය.

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් පිල නියෝජනය කරන උදාන මේ දස්කම දැක්වූයේ බාබ⁣ඩෝස් රෝයල්ස් කණ්ඩායම සමඟ පැවැති තරගයේදී ලකුණු 21කට කඩුලු 5ක් බිඳ දමමිනි.

මෙය සීපීඑල් තරග ඉතිහාසයට එක් වූයේ පන්දු යවන්නකු දැක්වූ 6 වැනි ඉහළම දක්ෂතාව ලෙසිනි.

තරගාවලියේ සිව්වැන්න වූ මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් බාබඩෝස් පිල ලකුණු 122කට සීමා කළ ට්‍රින්බැගෝ ක්‍රීඩකයන් ඕවර 16.5කදී ජයග්‍රාහි ඉලක්කය පසු කළේ කඩුලු 4ක් දැවී තිබියදීය.

මේ අතර, සාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම සහ ගයානා ඇමර්සන් වොරියස් පිල අතර පැවැති 5 වැනි තරගය කඩුලු 8කින් ජය ගැනීමට සා.කි⁣ට්ස් ක්‍රීඩකයන් සමත් වූ අතර, ජැමෙයිකා තලාවාස් පිල සමඟ පැවැති 6 වැනි තරගයෙන් තිසර පෙරේරා ක්‍රීඩා කරන බාබර්ඩෝස් රෝයල්ස් කණ්ඩායමට ලකුණු 15ක ජයක් අත් විය.

5 වැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගයානා පිල ලකුණු 146කට සීමා කළ සා.කිට්ස් පිල ඕවර 18.5කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 2ක් පමණක් අහිමි කර ගනිමිනි.

ජැමෙයිකා පිල සමඟ තරගයේදී පළමුව පන්දුවට පහර දුන් බාබර්ඩෝස් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 161ක් රැස් කළේය. ඒ ඉලක්කය හඹාගිය ජැමෙයිකා පිලට ඕවර 20 නිමා වන විට රැස් කළ හැකි වුයේ කඩුලු 9ක් දැවී ලකුණු 146ක් පමණි. පන්දු යැවීමේදී තිසර පෙරේරා ලකුණු 17කට කඩුලු 2ක් බිඳ දැමීය.

ප්‍රියංකර