වසර 2030 වන විට ඉන්දියාව ගෝලීය ඩ්‍රෝන කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම ඉන්දීය රජයේ අරමුණ බව එරට සිවිල් ගුවන්සේවා අමාත්‍ය ජොයොටිරාඩිට්යා සින්දියා ප්‍රකාශ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. මේ යටතේ ප්‍රවාහන, ප්‍රවර්ධන, ආරක්ෂක, පතල් කැණීම් වැනි යටිතල පහසුකම් සංවර්ධනය වන බවත්, රැකියා අවස්ථා අතිවිශාල ප්‍රමාණයක් උත්පාදනය වන බවත් ඉන්දීය සිවිල් ගුවන්සේවා ඇමැතිවරයා වැඩි දුරටත් කියා තිබේ.
21 වැනි සියවසට ඔබින ආකාරයට නව ඩ්‍රෝන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම ඓතිහාසික සිදුවීමක් බවත්, නව ඩ්‍රෝන නීතිරීතිවලට අනුව ඩ්‍රෝන පාලනය කිරීම සහ නිෂ්පාදනය කිරීම තුළින් 2030 වසරේ ලොව ජයගැනීමේ අරමුණ කරා යා හැකි බවත් විශ්වාසය වී තිබේ.
ඉන්දියාව ලොව පෙරමුණ ගත යුතු බව එරට අගමැති නරේන්ද්‍ර මෝඩිගේ විශ්වාසය වී ඇතැයි ද, තව දුරටත් ලොව සෙසු රටවල් අනුගමනය කිරීම හෝ ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට අනුගත වීම හෝ වෙනුවට නව ඩ්‍රෝන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් ඉන්දියාව 2030දී ලොව ඩ්‍රෝන කේන්ද්‍රස්ථානය බවට පත් කිරිම ඊට පිටුවහලක් වනු ඇතැයි පැවැසේ.