ඉන්දියාවෙන් දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළ ගොස් ඇත.
එරටින් මාස දෙකක කාලයක් තුළ දී දෛනිකව වාර්තාවන වැඩිම ආසාදිතයින් සංඛයාව පෙරේදා(01) වාර්තා වී තිබේ. එම සංඛ්‍යාව 45,971කි.
ඉන් ආසාදිතයින් සියයට 70කට ආසන්න පිරිසක් හදුනා ගෙන ඇත්තේ කේරළ ප්‍රාන්තයෙන් බව සදහන්වේ. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය මේවන විට කොරෝනා ව්‍යාප්තියේ දැඩි බලපෑමකට ලක්ව තිබේ.
එම ප්‍රාන්තයෙන් කොරෝනා රෝගීන් ඉහළ යාමත් සමඟ වෛරසය එරට අනෙකුත් ප්‍රාන්ත දක්වා ව්‍යාප්තවීම වැළැක්වීම සදහා විධිමත් පියවර ගත යුතු බව ප්‍රාන්ත බලධාරීන් පවසයි.