28.4 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉන්දියාව සීරුවෙන්

ඉන්දියාව සීරුවෙන්

තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත් කර ගැනීමෙන් පසු එරටින් පුද්ගලයන් 565 දෙනකු ඉන්දියාවට ගෙන්වා ගෙන ඇතැයි වාර්තා වේ. එම පිරිස අතර ඇෆ්ගනිස්තාන ජාතිකයන් 112 දෙනකු ද සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇතැයි එරට පුවත් වාර්තා කළේය.

ඉන්දීය රජය ඇතුළුව සියලු දේශපාලන පක්ෂ ඇෆ්ගනිස්තානය පිළිබඳ අවධානයෙන් පසුවීම ජාතික ප්‍රතිපත්තියක් ලෙස සළකා ඒ සම්බන්ධව එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

ඇෆ්ගනිස්තාන ජනතාව සමඟ ඇති මිත්‍රත්වය හේතුවෙන් එරට පවතින දේශපාලන ව්‍යාකූලත්වය පිළිබඳ පක්ෂ භේදයකින් තොරව එකමුතුව කටයුතු කළ යුතුව ඇතැයි පසුගියදා පැවැති දේශපාලන පක්ෂ නියෝජිත හමුවකදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජෙයිශංකර් ප්‍රකාශ කර ඇත.

ඇෆ්ගනිස්තානයේ සිටි ඉන්දීය ජාතිකයන් සහ ඇෆ්ගනිස්තාන ජාතිකයන් පිරිසක් ගෙන්වා ගැනීම සඳහා ගුවන්යානා 6ක් යෙදවීමට ඉන්දියාව කටයුතු කර තිබූ අතර, ඇෆ්ගනිස්තාන ජාතිකයන්ට ඉන්දියාවට පැමිණීමේදී හදිසි අවශ්‍යතාව අනුව විද්යුත් වීසා බලපත්‍ර නිකුත් කිරීමට ද පියවර ගෙන තිබිණි.