සැප්තැම්බර් 6 දාට යෙදෙන එක්සත් ජාතික පක්ෂයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් මේ 5 දා සමාජ ජාලා මාධ්‍ය හරහා පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිව් වැදෑරුම් රැකවරණයක් තුළ රට ඉදිරියට ගෙන යෑමේ පක්ෂයේ සැලසුම ඉදිරිපත් කිරීමට නියමිතය.
එදින සවස 05 ට Zoom තාක්ෂණය, ෆෙස්බුක් ඇතුළු යූටියුබ් නාලිකා ද භාවිත කරමින් මුළු මහත් ශ්‍රී ලංකාව පුරා වෙසෙන පාක්ෂිකයන්ටත්, පාක්ෂිකයන් නොවන විශේෂයෙන් අවුරුදු 16ත් 35ත් අතර තරුණ පරම්පරාවත් ඉලක්ක කර ගනිමින් මේ වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.
ජනතා තීන්දුව මත ප්‍රතිපත්ති මාරු නොවන යකඩ රාමුවක් ඔස්සේ රට සාර්ථකව ඉදිරියට ගමන් කරවීමේ පරමාර්ථයෙන් ආර්ථික ආරක්ෂාව, සෞඛ්‍ය ආරක්ෂාව, පරිසර ආරක්ෂාව හා දැනුමේ ආරක්ෂාව යන සිව්වැදෑරුම් රැකවරණය මත රට පාලනය කිරීමේ සැලසුම් එමඟින් ජනතාව හමුවේ ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඒ මහතා සඳහන් කළේය.